ප්‍රතිපත්ති මාර්ගෝපදේශ පවා කඩ කරමින් තෙවැනි වරටත් විදුලි බිල වැඩි කිරීමේ උත්සාහයක් – විපක්ෂ නායක සජිත්

ලංකා විදුලි බල මණ්ඩලය විසින් යළිත් වරක් විදුලි බිල ඉහල නැංවීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවත් 2009 අංක 20 දරණ විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාරව වසරකට දෙවරක් පමණක් විදුලි බිල්පත් සංශෝධනයට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් එම ප්‍රතිපත්තියට පටහැනිව යමින් තෙවැනි වරටත් විදුලි බිල වැඩි කිරිමට ඔවුන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ නිසා ජනතාව පත්වන අසීරු තත්ත්වය සම්බන්ධයෙන් රජය සංවේදී නොවීම කණගාටුදායක බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න රැසක් රජයටත් විෂයබාර අමාත්‍යවරයාටත් යොමු කර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...