අපි නිසා මෙහෙම හරි තෙල් ගෙනාවා, ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෙ – රෝහිත

කොතරම් ඩොලර් අර්බුදයක් තිබුණත් මේ ආකාරයෙන් හෝ ඉන්ධන රටට රැගෙනවිත් මේ ආකාරයෙන් හෝ විදුලිය ලබාදීමට වත්මන් රජයට හැකිවී තිබෙන බවත් ජනතාව තත්වය අවබෝධ කරගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළයුතු බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“2015 – 2020 අතර කාලය තුළ කවදාකවත් නව විදුලි උත්පාදන ගැන හිතුවේ නෑ. පුනර්ජනනීය වැඩපිළිවෙලක් ගැන කතා කෙරුවෙවත් නෑ. කොච්චර ඩොලර් අර්බුදය තිබුණත් අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ තෙල් ටික ගෙනල්ලා මේ ආකාරයෙන් හරි ගෙනියන්න.

දැන් අපි කියමුකෝ හෙට විපක්ෂය මේ වගකීම බාරගත්තා නම් කොහෙන්ද මේක කරන්නෙ ? එකපාරටම ආපු ගමන් ඩොලර් අච්චු ගහන්න පුළුවන්ද ? කතාවක් තියෙනවානෙ අර සක්කරයාගෙ පුතා වයිමා ආවත් කරන්න බෑ කියලා. ඉතින් අපිට නම් දැන් පේන්නෙ සක්කරයාගෙ පුතා වයිමා, වයිමාගෙ පුතා සමහරවිට සජිත්ද දන්නෙත් නෑ.

අපි අපිම තීන්දුවක් ගන්න වෙනවා අපේ ගෙදර එක විදුලි බුබුළක් හරි නිවලා මේ වෙලාවෙ අරපිරිමැස්මෙන් අපි පාවිච්චි කරන්න ඕනෙ”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...