පුලතිසිපුර ලොක්කාගේ හීනය එකෙන් දෙකට ….

Date:

පොළවෙන් මතුවුණු නායකයා කියපු, අපමණ අගයක් දෙන්න ආපු, හිටපු ලොක්කා මතකයිනෙ. කොහෙ අමතක වෙන්නද ? අත පාටියේ නායකකමයි දියවන්නාවේ මැම්බර්කමයි විතරක් ඉතුරු වුණාට මොකද එයාත් මෑතක ඉඳන් ලොකු පුටුවට ආයෙ එන්න හීන බල බලා හිටියෙ කියන එක රහසක් නෙවෙයි හිටං.

“මටත් හොඳටම සුදුසුකම් තියෙනවා, ජාත්‍යන්තර සබඳතා හොඳටම තිබුණේ මගේ කාලේ” වගේ කතා ටිකක් එයා පහුගිය කාලේ තැන තැන කිය කියා ගියා. ඒ වගේම අත පාටියේ මූලිකත්වයෙන් සන්ධානයක් හදන කතාවකුත් කිව්වා. ආයෙම වතාවක් පොදු අපේක්ෂක සීන් එකට එන්ටර් වෙන්න තමා එයා බලාන හිටියෙ.

ඔය අස්සේම කොහොම කොහොම හරි අත පාටියේ ඉඳලා ආණ්ඩුවට පැනපු සෙට් එක ආයෙ මෙයාට ළං වුණා. ඒකෙන් මේකෙන් එතෙක් මෙයාගෙ ළඟම හිටපු අත පාටියේ ලියන මහත්තයාව කිසිම දයාවක් නැතුව ‘ටසිරි වෙන්න කියලා ගෙදරමත් යැව්වා. හිස්ට්‍රි රිපීට්ස් තමා ….

දැන් ඉතින් අර ආණ්ඩුවේ ඉඳන් ආපු කට්ටිය පුලතිසිපුර ලොක්කාව හෙමීට හෙමීට රටේ ලොක්කා එක්ක සෙට් කරන්නලු වෑයම. රටේ ලොක්කා කොහොමත් ඡන්දෙට ඉල්ලනවාය, එයා එක්ක අත පාටියේ ලොක්කා වෙනම ඉල්ලන්න ගියොත් වැල් නැතිවෙනවාය, ඒ නිසා දැන්ම තියා රටේ ලොක්කාට ආයෙත් පළවෙනි තැන ගන්න සපෝට් එක දීලා රටේ දෙවැනි පට්ටම ගන්න බලමුය කියන එකලු යෝජනාව. කොහොමත් රටේ දෙවැනි තැනට දාන්න නෙළුම් මාවතේ කට්ටියට සීනියර් කෙනෙකුත් නැති හින්දා දෙවැනි තැන අත පාටියේ ලොක්කාට ෂුවර් කියලා ලු අර කස්ටිය කියලා තියෙන්නෙ.

අත පාටියේ ලොක්කාගෙ හැටි ඉතින් අපි දන්නවානෙ. සුපුරුදු විදියට එයා දෙලොවක් අතර ලු. කැමතිත් නෑ ලු, අකමැතිත් නෑ ලු ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...