IMF දෙවන වාරිකය ලැබීම ආර්ථිකය ප්‍රකෘතිමත් වීමක්!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවන ණය වාරිකය ලැබීම යනු ආර්ථිකය ප්‍රකෘතිමත් වීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති අන්දමට සිදුකර ඇති බවත් මහබැංකුව ගත් ක්‍රියාමාර්ග වලින් උද්ධමනය අඩුවීම පැසසීමට ලක්ව තිබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි

මේ අතර ගෝලීය ආර්ථිකයේ සිදුවන කම්පනයන්ට ලංකාව මුහුණ දීම සම්බන්ධයෙන් මේ මොහොතේ අවධාරණයක් ලැබී තිබෙන බවද ඔහු පවසයි.

”ගෝලීය අවිනිශ්චිතතා මත ලංකාව විදේශීය සංචිත තරකිරීම අවධාරණය කරල තියෙනවා. ගෝලීය ආර්තිකයේ සිදුවන කම්පනයට ලංකාව මුහුණ දීම අවධාරණය කරලා තියෙනවා. අද සිට විදුලි බිල වැඩිවෙනවා කියල දන්වනවා.18%කින් විදුලි බිල ඉහලයාම නැවත උද්ධමනය වැඩිවීමට බලපානවා.
මේ වැඩිවීම සමග බොහෝ දෙනා නගන චෝදනාව තමයි විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතා තියෙනවා කියනවා. ආසියාවේ දෙවෙනියටම ඉහළ විදුලිබිල තියෙන්නේ ලංකාවේ. නියමිත කාලයට වැඩකටයුතු නොකිරීම නිසයි මෙහෙම වෙන්නේ.කෙටිකාලීන හා දිගු කාලීන විදුලි බිල පහත දැමීමට සැලසුම් හදන්න ඕන. දෙවන වාරිකය ලැබීම එක් පැත්තකින් මූල්‍ය වටිනාකමක් ලැබෙනවා. ඊට වඩා එහාට ගිහින් බලනකොට බලන්න ඕන ලංකාව කරන ආර්තික ප්‍රතිසංස්කරණ පිලිබදව. ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා ඒ ප්‍රතිසංස්කරණ කරන එක තීරණාත්මකයි. මේ මුදලට වඩා අපි බලන්න ඕන ඒ වෙනුවෙන් කරන ප්‍රතිසංස්කරණ. ලංකාවේ ආර්ථිකය දිහා බලන ධනාත්මක ආකාරය රටේ ආයෝජනවලට මෙන්ම සංචාරක කටයුතු සදහා බලපානවා.
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතුව තියෙනවා. වංචා දූෂණ වැලැක්වීමේ යාන්ත්‍රණය පොළවේ ක්‍රියාත්මක කර යුතුව තියෙනවා. දැනට පටන්ගෙන තියෙන ප්‍රතිසංස්කරණ හරියාකාරව කළ යුතුව තියෙනවා. රාජ්‍ය ආයතන පාඩු ලබන එක නවත්වනන ඕන වගේම කර්මාන්තවලට විදුලි බිල වැඩිවීම බලපානවා.”
යනුවෙන් ද මහාචාර්යවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...