2024 අයවැය ප්‍රකාශයට පත්කරන දිනය

0
960

2024 වසර සඳහා අයවැය ලේඛනය 2023 නොවැම්බර් 13 වනදා දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම අයවැය ඉදිරිපත් කෙරෙනු ඇත.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙනු ඇති අතර එහි ඡන්ද විමසීම 21 වනදා සවස 06.00 ට සිදු කෙරෙනු ඇත.

මෙහි කමිටු අදියරේ විවාදය දින 19ක් පුරා පැවැත්වෙනු ඇති අතර අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සිදු කෙරෙනු ඇති බව සඳහන්.

RN