ශ්‍රී ලංකාව 5-0 ක පරාජයෙන් ගැලවෙයි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවති, තරග 05 කින් සමන්විත 20-20 තරගාවලිය 4-1 ක් ලෙස අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අද පැවති පස්වැනි හා අවසන් තරගය කඩුලු 05 කින් ජය ගනිමිනි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත් අතර සිය පන්දු වාර 20 අවසානයේදී ඔස්ට්‍රේලියානුවන් කඩුලු 06 ක් දැවී ලකුණු 154 ක් වාර්තා කිරීමට සමත් විය. මැතිව් වේඩ් ලකුණු 43 ක් ලබාගත් අතර ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 29 ක් හා ජොෂ් ඉංග්ලිෂ් ලකුණු 23 ක් වාර්තා කළේය.

පන්දු යැවීමේදී සාර්ථක වූ දුෂ්මන්ත චමීර ලකුණු 30 කට කඩුලු දෙකක් බිඳහෙළූ අතර ලහිරු කුමාර ලකුණු 34 කට කඩුලු දෙකක් දවා ගත්තේය.

ලකුණු 155 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 23 දී බිඳ වැටිණි. තරගාවලිය පුරා සාර්ථක වූ පැතුම් නිශ්ශංකට අද තරගයේදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 13 ක් පමණි. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්, සිය සහායක පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී පිටියේ ස්ථාවර වෙමින් නොදැවී සිටීමට සමත් වූ අතර ඔහු පන්දු 58 කදී ලකුණු 69 ක් වාර්තා කළේය.

සිව්වැනි කඩුල්ලද ලකුළු 71 දී බිඳවැටීමෙන් අනතුරුව මෙන්ඩිස් හා එක් වූ දසුන් ශානක පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 83 ක සබඳතාවයක් පිහිටවූයේ සිය කණ්ඩායම ජයග්‍රාහී සීමාව වෙත කැඳවාගෙන යමිනි. දසුන් පන්දු 31 කදී ලකුණු 35 ක් ලබා ගත්තේය.

මෙම තරගයේදී ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගත් කමිල් මිශාර ලකුණු එකකටත් ජනිත් ලියනගේ ලකුණු අටකටත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.

එක් පන්දුවක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉලක්කය සපුරා ගත් අතර ඒ වනවිට කඩුලු 05 ක් දැවී ගොස් තිබිණි.

පන්දු යැවීමේදී කේන් රිචඩ්සන් ලකුණු 28 කට කඩුලු දෙකක් හා ඇෂ්ටන් අගා ලකුණු 19 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

තරගයේ ලකුණු පුවරුව….

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...