වැටුණම නැගිටින හැටි පෙන් වූ ෆෙම්කේ බොල් යුරෝපීය තරුව වෙයි

ගෙවුණු ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී නෙදර්ලන්තයට මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම අහිමි වන්නේ අවසානය පෙනි පෙනී ෆෙම්කෙ බොල් ඇඳ වැටුණ නිසාය.එසේ නොවුණානම් සමහර විට රන් පදක්කම නැතත් නෙදර්ලන්තයට රිදී පදක්කම හෝ දිනා ගැනීමට ඉඩ තිබිණ.නමුත් ඇය ඒ ඇඳ වැටීමෙන් මනින්නට ඉදිරිපත් නොවූ යුරෝපීය මලල ක්‍රීඩා සංගමය ඇයගෙ සුවිශේෂී හැකියාවන් ඉහළින්ම අගයමින් මෙවරත් යුරෝපීය මලල ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර කිරීමට ඉදිරිපත් විය.

මාටිවා ෆුර්ලානි

වමේ සිට ජකොබ් යුරෝපා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ඩොබ්රෝමිර් කර්මනොව් සහ බොල්

එහෙත් ඒ අහිමිවීම වෙනත් රන් පදක්කම් දෙකක් දිනා දීම සඳහා ඇයගේ වෙහෙස යොදමින් වැටීම නැගිටීම දක්වා පරිවර්ථනය කරන්නට ෆෙම්කේ බොල්ට හැකියාව තිබිණි.ඇය මීටර් 400 කඩුලු තරගයේදි රන් පදක්කම දිනා ගන්නට සමත් වූවාය.එසේම මීටර් 400 කාන්තා සහය දිවීමේ තරයේදී ද නෙදර්ලන්තය දිනා ගත් රන් පදක්කමේ ඇයගේ දක්ෂතාවය ඉහළින්ම තිබිණ.එසේම ඇය මීටර් 400 ගෘහස්ත ලෝක වාර්තාවේ හිමිකාරිය බවට පත් වන්නේ ද මේ වසර ඇතුළතය.තත්පර 49.29 ක් වූ එම දස්කම ඇයගේ එළිමහන් පිටියක හොඳම දක්ෂතාවයට ද වඩා ඉදිරියෙන් පවතින්නේය.

ලිතුවේනියාවේ පැවති මලල ක්‍රීඩා සම්මාන රාත්‍රියේදී ඇය සමඟ යුරෝපීය මලල ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වීමට භාග්‍යය ලද්දේ ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ට්සන් ය. ඉයුජින් හි පැවති ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේදී සැතපුම සහ මීටර් 3000 පිළිවෙලින් විනාඩි 3:43.73 සහ විනාඩි 7:23.63 යන කාලයන් වාර්තා කරමින් අවසන් කරන්නට ජාකොබ් ට හැකි විය.එම කාලයන් දෙකම යුරෝපීය වාර්තාය. එසේම ඔහු මීටර් 2000 විනාඩි 4:43.13 කින් ද, සැතපුම් දෙක විනාඩි 7:54.10 කින් ද ලෙස ලෝක වාර්තා පිහිටුවන්නට සමත් විය. එමෙන්ම ඔහු සතුව තිබූ යුරෝපීය මීටර් 1500 වාර්තාව 3:27.14 ට අඩු කර ගන්නට ද සමත් විය.

ඇන්ජලිනා ටොපික්

ජාකොබ් සහ බොල් මේ යුරෝපීය මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස පිට පිටම සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව ය.

සර්බියානු උස පැනීමේ වාර්තාව වන මීටර් 1.97 ක දක්ෂතාවය දක්වා තිබෙන ඇන්ජලිනා ටොපික් අවුරුදු 20 න් පහළ හොඳම යුරෝපීය යොවුන් ක්‍රීඩිකාව වූවාය.දුප පැනීමේ දී කණිෂ්ඨ ක්‍රිඩකයෙක්ගේ ඉහළම පිමිම ලෙස මීටර් 8.44 ක පිම්මක් පැන්න ඉතාලියේ මාටියා ෆුර්ලානි හොඳම කණිෂ්ඨ ක්‍රිඩකයා වූවේය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...