පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරින්ට වැඩ වරදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා අදාල ටෙන්ඩර් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරින්ට උපදෙස් දී තිබුණි.

නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරින් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැතිබව අනාවරණය වී ඇත.

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක්ද පවතී.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු විගස මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබුණු නමුත්, එය සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට ලෝක වෙළෙඳ පලේ යුරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුධමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇති බවද වාර්තා වේ. එබැවින් අමාත්‍යංශය නිවේදනය කරන්නේ, රජයට විශාල මුල්‍යමය පාඩුවක් සිදු කර ඇති බව පෙනීයන බවයි.

මාස තුනක් ටෙන්ඩර් ප්‍රමාද කිරීම නිසා රජයට විශාල මුදලක් පාඩු කරමින් හා ගොවි ජනතාවට කලට වේලාවට පොහොර ලබා දීම අපහසුතාවයක් ඇති කිරීම මෙන්ම සිතාමතා රාජකාරිය පැහැර හැරීම මෙම නිලධාරින් දෙදෙනා විසින් සිදු කර ඇති බව පෙනී යන බවද ඔවුන් දක්වා ඇත.

මෙම හේතුව නිසා, කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ, පොහොර සැපයීමේ කටයුතු බාරව කටයුතු කරන ලද අදාල ඉහළ නිලධාරියා හා නිලධාරිනිය වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට මාරු කර යැවීම සඳහා පියවර ගැනීමයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...