ගාසාහි මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් 2,000කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව 5,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ගාසා තිරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් දරුවන් 2,055ක් ඇතුළුව පලස්තීනුවන් 5,087ක් මිය ගොස් 15,273 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඒ අනුව ගතවූ පැය 24 තුළ දකුණු ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ළමුන් 182 ක් ඇතුළුව 436 දෙනෙකු මිය ගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය (OCHA) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ ජනගහනයෙන් මිලියන 1.4 ක් පමණ මේ වන විට අභ්‍යන්තරව අවතැන් වී ඇති බවත්, බොහෝ දෙනෙක් ජනාකීර්ණ එක්සත් ජාතීන්ගේ හදිසි නවාතැන් වල රැකවරණය පතන බවත්ය.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබුණේ, උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට දකුණට ගමන් කිරීමට සහ ගාසා නගරය තුළ හමාස් ත්‍රස්ත ඉලක්ක ආසන්නයේ රැඳී නොසිටින ලෙස දිරිමත් කර ඇති බවයි. ඔවුන් මේ වන විට සිය ගුවන් ප්‍රහාරවලින් උමං මාර්ග සහ රොකට් දියත් කරන ස්ථාන ඇතුළු හමාස් යටිතල පහසුකම් 320ක් පමණ ඉලක්ක කර සිටින බවයි.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගාසා තීරයේ පුද්ගලයින් 222 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවත්, ඔවුන් සොයමින් ගාසා තිරයේ වැටලීම් තවදුරටත් දැඩි කරන බවයි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!