රියෝ ද ජැනයිරෝහි පැරාමිලිටරි කල්ලි බස් රථ 35කට ගිණි තබයි

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි පැරාමිලිටරි කල්ලි විසින් ඊයේ(23) දිනයේදී දියත් කළ සංවිධානාත්මක ප්‍රහාරයක් හේතුවෙන් බස් රථ 36ක්, ලොරි හතරක් සහ දුම්රියකට ගිනි තබමින් පොදු ප්‍රවාහනය විනාශ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අපරාධකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන බව රියෝහි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය දා බ්‍රසීලයේ පොලිස් විශේෂ බලකාය විසින් රියෝහි වඩාත් කුප්‍රකට අපරාධ නායකයෙකු වන සින්හෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පැරාමිලිටරි ප්‍රධානියෙකු වන ලුයිස් ඇන්ටෝනියෝ ද සිල්වා බ්‍රාගාගේ බෑණනුවන් වන 24 හැවිරිදි රෙසෙන්ඩේට වෙඩි තැබීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය දියත් වූ අතර එයට පලිගැනීමක් ලෙස හදුන්වා තිබේ. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය විස්තර කර තිබුණේ, මෙය රියෝ ඉතිහාසයේ සිදු වූ විශාලතම සාපරාධී ප්‍රහාරයක් ලෙසයි.

රියෝහි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සමගාමිව මිලියනයක පමණ ජනතාවක් වෙසෙන Cosmos, Campo Grande, Inhoaíba, Guaratiba, Madureira, Paciência, Santa Cruz, Sepetiba සහ Recreio dos Bandeirantes ආදී ප්‍රදේශයන්හිද ප්‍රහාර වාර්තා වී ඇති අතර පාසල් 45ක් පමණ මේ හේතුවෙන් වසා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...