එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන ධීවර සමිතිවලිනුත් දත්ත ලබා ගන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය මිගමුවේ සිට පානදුර දක්වා පමණක් යැයි තීන්දු කර ඇති මුත් නැගෙනහිර වෙරළ දක්වා කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා ඇති බවත් ජෛව විවිධත්ව පද්ධතියට හා ධිවර ප්‍රජාවට සිදුවූ බලපෑම අතිමහත් බවත් මේ නිසා වන්දි ලැබෙන ධීවරයන් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ද ගැටලු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවැරදි දත්ත ගණනයක් සිදු නොවූ නිසා පානදුර සිට මිගමුව දක්වා පමණක් හානි වූ බවට තක්සේරු කර ඇති බවත් මෙම සිමාවෙන් ඔබ්බට බලපෑමක් සිදුවූයේද නැද්ද යන්න ගණනය කිරීමට අදාළ දත්ත ධිවර අමාත්‍යාංශයෙන් ලැබි නොමැති බවත් සංසන්දනය කරන්න බැරිවන ආකාරයට දත්ත නොලැබි ඇති බැවින් මේ මොහොතේ හෝ නිවැරදි දත්ත ගණනය කර විශේෂඥ කමිටුවලට ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

පානදුර මීගමුව සීමාවෙන් ඔබ්බට ඇති ධිවර සංවිධාන නියෝජිතයන් හමුවී ඔවුන්ගේ අස්වැන්න සම්බන්ද ගැටලු සම්බන්දයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම දත්ත හා විශේෂඥ කමිටුව සතුව ඇති දත්ත සංසන්දනය කර මේ සම්බන්ධ සවිස්තර හානි පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක රැස්වීමේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...