දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/24

Date:

  1. සී.ඩී. වික්‍රමරත්නට පොලිස්පතිවරයා ලෙස තුන්වන වරටත් සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කිරීම නොසලකා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම ම එවන් සභාවක් පවත්වා ගැනීමේ අභිලාෂය අභියෝගයට ලක්කරන බව හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි: අග්‍රවිනිශ්චයකාර, නීතිපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී ද ජනාධිපතිවරයා විසින් එවැනිම අන්දමින් කටයුතු කිරීමට ඉඩ ඇති බව පෙන්වා දෙයි.
  2. 22 ජූලි 13 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් පහ කිරීමට හේතු වූ අර්බුදකාරී තත්ත්වයට රජයේ ආරක්‍ෂක උපායමාර්ගවල තිබූ දෝෂ දායක වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවේ සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි: 2022 අප්‍රේල් 19 වන දින රඹුක්කන ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගයක ඉන්ධන බවුසර් 2ක් පුළුස්සා දැමීමට තැත් කළ පිරිසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව රජය විසින් දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියි: රජයේ ප්‍රතිචාරය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සහ හමුදාවට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව පවසයි.
  3. විදුලි බිල මාස 6කට වරක් වෙනුවට මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද පවසයි.
  4. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි: ගැනුම් මිල රු. 320.32 දක්වා ඉහළට, විකුණුම් මිල රු. 331.00 දක්වා ඉහළට: ඔක්තෝබර් 12 වන දින විකිණුම් මිල පැවතියේ රු. 328.82 ය.
  5. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සමස්ත උද්ධමනය 2023 අගෝස්තු මස පැවති 2.1% සිට 2023 සැප්තැම්බර් වන විට 0.8% දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි: ආහාර උද්ධමනය 2023 අගෝස්තුවල පැවති -5.4% සිට 2023 සැප්තැම්බර් වන විට -5.2% දක්වා ඉහළට; ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තුවල පැවති 9.0% සිට 2023 සැප්තැම්බර්වල 5.9% දක්වා පහළට.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් සංශෝධනයක් සිදුකරයි: කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර ද, පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ද, කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ ද පත් කරයි: මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් කරයි.
  7. ජනාධිපතිවරයා විසින් හදිසියේ සිදුකළ කැබිනට් සංශෝධනය සමච්චල් සහගත ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: සෞඛ්‍ය අමාත්‍යාංශයට නුසුදුසු යැයි සැලකූ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත්කිරීමෙන් ශ්‍රී ලංකාව “ස්මාර්ට් රාජ්‍යයක්” බවට පත් නොවන අතර එය වංක රටක් බවට පත්කිරීමක් බව පෙන්වා දෙයි.
  8. සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ඇත්තේ වැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෛ් මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
  9. වඳුරන්, මොනරුන් සහ යෝධ ලේනුන් වැනි වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහන මිලට වායු රයිෆල් බෙදා දෙයි: සතුන් මරා දැමීමට වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත්, ඔවුන් පලවා හැරීමට පමණක් ඒවා භාවිතා කරන ලෙසත් ගොවීන්ගෙන් ඉල්ලා සිටී: කිසිඳු තත්ත්වයක් යටතේ මිනිසුන්ට තුවාල සිදුකිරීමට වායු රයිෆල් භාවිතා නොකරන ලෙස ද ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.
  10. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ආයෝජන මිස දේශන නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති නියෝජිත නිරංජන් දේව ආදිත්‍ය පවසයි: ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ බ්‍රිතාන්‍යයේ “ප්‍රාථමික මිතුරකු” ලෙස ස්ථානගත කළ යුතු බව පවසයි: වරාය, මුහුද යටින් ගමන් කරන කේබල්, මුහුදු පත්ලේ විශාලත්වය සහ අප්‍රිකාව සහ චීනය අතර කේන්ද්‍රස්ථානයක් ලෙස පැවතීම ආදී කරුණු මත ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ පිහිටා තිබෙන ස්ථානය වාසිසහගත බව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...