ඒවා රටට කියන්නේ නෑ, ඒවා කියන එක අවාසියි – එස්. බි කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පෞද්ගලික නාළිකාවක දේශපාලන වැඩසටහනක් සමඟ එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේනම් ආණ්ඩුව පෙරළා දැමීමට වුව ද හැකියාව පවතින බවයි.

එහිදී මාධ්‍යවේදියඅකු විසින් දිසානායක මහතාගෙන් විමසුවේ, සියලුම පොදුජන පෙරමුණේ අමාත්‍යවරු ඉවත් කළත් ඔබතුමන්ට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නා නේද ? යන්නයි. එහිදී ඔහු විසින් දුන් පිළිතුර වූයේ,

“නෑ තියෙනවා. ආණ්ඩුව පෙරළා දාන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් හුඟාක් දේවල් තියෙනවා. අපිට බජට් එක පරාජය කරන්න පුළුවන්. කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. කැබිනට් එකේ නැතුව ඉන්නකොටත් මම සුමාන පතා ගෝඨාභය ජනාධිපතිතුමා හමුවෙලා, මේ තත්ත්වය වෙනස් කරන්න කියලා එතුමාට මගේ මතය කිව්වා.”
අපේ යෝජනා ගොඩක් තිබ්බා. ගෝල්ෆේස් එක සුද්ද කරන්න කියනවා වගේම”

මාධ්‍යවේදියා නැවතත් විමසූවේ , ඒකත් ලණුවක් නේ නේද ? බැරිවෙලා හරි ඒ වෙලාවේ ඉවක් බවක් නැතුව වෙඩිතියාගෙන වෙඩි තියාගෙන ගියා නම් ජාත්‍යන්තරය ඉදිරියේ අපි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ? යන්නයි. එවිට දිසානායක මහතා පැවසූවේ,

“ඒ ඔයා කියන දේනේ. හැබැයි ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇවිත් ලස්සනට කරානේ. මම කිව්වේ ඉවත් කරන්න. ඉවත් කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මම කියන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. ඒවා කියන්න ඕනේ නෑ. ඒවා පක්ෂය ඇතුළේ කතා කරන ඒවා. ඒවා රටට කියන්නේ නෑ. ඒවා කියන එක අවාසියි. ඒ නිසා අපි කියන්නේ නෑ.”

ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පිළිතුරු දෙනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...