වසන්ත යාපාගේ චෝදනා අසත්‍යයි – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් SLIM pharmaceutical නැමති සමාගමකට විකුණන ලද අයිතමයන් එම සමාගමින්ම වැඩිමිලට මිලදීගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කරන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පවසයි.

වසන්ත යාපා බණ්ඩාර මහතා පවසන Total parental Nutrition ඖෂධය රජයේ වෛද්‍ය සැපයුන් අංශයට පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කර සපයන ඖෂධයක් බැවින්, කිසිදු බාහිර පාර්ශවයකට විකිණීම සිදු කරනු නොලබන බව අවධාරණය කර සිටී.

එසේම රාජ්‍ය ඖෂධ නීතිගත ආනයනය කරන ලද කිසිදු ඖෂධයක් SLIM Pharmaceutical නැමති සමාගමට අලෙවි කර නැති බවත්, වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අවධාරණය කරයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ අලෙවි කරන්නේ අලෙවි නියෝජිතයකු මාර්ගයෙන් පමණක් බවත් උක්ත සමාගම කිසිදු විටෙක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයකු ලෙස කටයුතු කර නැති බවත් අවධාරණය කර සිටියි.

එබැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව SLIM Pharmaceutical සමාගම වෙත අළෙවි කර නැවතත් මිලදීගෙන ඇතැයි කියන චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

එබැවින් වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් එල්ල කරන ලද චෝදනා නිසි පරිදි වටහාගෙන නොමැතිව හෝ මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් වූ සාවද්‍ය කරුණු මත ඉදිරිපත් කරන ලද්ද්ක් බවට පෙනී යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.

එම මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...