ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ඊශ්‍රායලය හා හමාස් අතර සටන් විරාමයක් නැත- බයිඩන්

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ගාසා තීරයේ සිය නිවෙස් අතහැර පලා ගිය පලස්තීනුවන් දකුණේ ආහාර සහ නවාතැන් හිඟකම හේතුවෙන් නැවත සිය නිවෙස් බලා උතුරට පැමිණෙමින් සිටින බව ගාසා තීරයේ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය (UNRWA) තහවුරු කරමින් ඔවුන්ට මානුෂිය ආධාර ලබා දීම සඳහා සටන් විරාමයන් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ධවල මන්දිරය හා ඊශ්‍රායලය ප්‍රතිෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 212 දෙනා නිදහස් කරන තුරු සටන් විරාමයක් පිළිබඳ සාකච්ජා නොපැවැත්වෙන බවයි.

ඊශ්‍රායලය විසින් ඔක්තෝම්බර් 13 වන දින ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසකට ඉවත් කිරීමේ නියෝග ලබා දෙන ලද අතර පසුගිය සති දෙක තුළ ගාසා තීරයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

ඊශ්‍රායල මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලේවි ඊයේ(23) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, හමාස් විසුරුවා හැරීම සඳහා ඊශ්‍රායල හමුදාව නොසැලෙන ප්‍රහාර සූදානම් කර ඇති බවත්, ඊශ්‍රායලයට ජනාකීර්ණ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර මැඩලීමට කිසිදු අදහසක් නැති බවත්, දකුණේ ගොඩබිම් මෙහෙයුම් සඳහා වඩාත් හොඳින් සුදානම්ව සිටින බවත්ය.

සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...