එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද (24) නිව්යෝර්ක් වලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද (24) නිව්යෝර්ක් නගරයට පැමිණීමට නියමිතව ඇත. ඒ මැද පෙරදිග තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බව විදෙස් මාධ්‍ය පවසයි.

නිව්යෝර්ක් හි රැඳී සිටින කාලය අතරතුරදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ද මෙන්ම රාජ්‍ය ත්‍රාන්තිකයින්ද හමුවීමට බලාපොරොත්තු වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එමෙන්ම ඔහුගේ සංචාරය අතරතුර දී ප්‍රාණ ඇපකරුවන් පිළිබඳව මෙන්ම ඊශ්‍රායලයේ ගාසා ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කරනු ඇති බවයි ,

පසුගිය මාසයේද ඇන්ටනි බ්ලින්කන් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අමතමින් යුක්‍රේනයේ යුද්ධය ගැන සාකච්ඡා කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...