චිනයෙන් පැරා රත්තරන් වාර්තාත් එක්කම

චීනයේ පැවත්වෙන ආසියාතික පැරා ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව පදක්කම් සටහනට ඇතුළත් කිරීමට අද ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට හැකි වුණා.ඒ අනුව රන් පදක්කම් දෙකක් සමඟ පදක්කම් සටහනේ 11 වන තැන ශ්‍රී ලංකාව රැදී සිටිනවා.

ශ්‍රී ලංකාවට මෙම රන් පදක්කම් දෙකම හිමි වුණේ නව ආසියානු ක්‍රීඩා උළෙල වාර්තා සමඟයි.ටී 40 ඉසව්වෙන් මීටර් 100 තරගයට ඉදිරිපත් වුණ නුවන් ඉන්දික තත්පර 11.63 න් ඉසව්ව නිමා කර රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා.එය ආසියානු පැරා ක්‍රීඩා අළෙලේ නව තරග වාර්තාවක් වූවා.එම සතුට ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට විඳ හමාර කරන්නට ප්‍රථම තවත් ආසියානු තරග වාර්තාවක් සමඟ ටී 46 මීටර් 1500 තරගය පහසුවෙන්ම දිනා ගන්නට සමත් වුණේ ප්‍රදීප් සෝමසිරියි.ඔහු විනාඩි 04:05.14 න් එම ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.

ප්‍රදීප් සෝමසිරි

අද පැවති මලල ක්‍රීඩා ඉසව්වල අවසාන තරග නියෝජනය කළ ඩිල්කි උමේශිකා,අමිල ප්‍රශාන් සහ මලීහ දේශාන්ට පදක්කම් අතරට ඒමට නොහැකි වුණා.එහෙත් තරගයේ මූළික තරගයකදී සිව්වන ස්ථානය දිනා ගනිමින් එෆ් 57 තරග අංශයෙන් යගුලිය වීසි කළ තිසාරා ජයසිංහ තමන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය දැක්වීම කැපී පෙණුනා.

නුවන් ඉන්දික

මේ අතර මේස පන්දු තරග සඳහා ඉදිරිපත් වි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් දිනේෂ් දේශප්‍රිය සිය තරගය වට 3 – 0 ක් ලෙස ජය ගෙන ඉදිරියට යාමට සුදුසුකම් ලබා ගෙන සිටින අතර රෝද පුටු ටෙනිස් අර්ධ අවසන් පූර්ව තරගයකට හෙට ශ්‍රි ලංකාවේ සුරේෂ් රන්ජන් තරග වැදීමට නියමිතයි.

බැඩ්මින්ටන් ක්‍රීඩක සංජීව පෙරේරා ද අද තරගවෙලියේ දෙවන පරායට මුහුණ දුන්නේ පළමු පරාජය අත් කර ගත් පරිද්දෙන්ම තායිලන්ත ක්‍රිඩකයෙකු අතින් වීම විශේෂ සිදුවීමක්.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...