නව තානාපතිවරුන් තිදෙනෙක් පත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ. ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්වි ඇත.

මෙලෙස පත් කර ඇති තානාපති වරුන්වන්නේ,

ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස ආචාර්ය සිරී වෝල්ට් පත් කර ඇත.

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස එම්. කාමන් මොරේනෝ පත් කර ඇත.

ඉරාන ඉස්ලාමීය ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ඉරාන ඉස්ලාමීය ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...