නව තානාපතිවරුන් තිදෙනෙක් පත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ. ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්වි ඇත.

මෙලෙස පත් කර ඇති තානාපති වරුන්වන්නේ,

ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස ආචාර්ය සිරී වෝල්ට් පත් කර ඇත.

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස එම්. කාමන් මොරේනෝ පත් කර ඇත.

ඉරාන ඉස්ලාමීය ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ඉරාන ඉස්ලාමීය ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...