පරිසර පද්ධති සහ වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි! – පවිත්‍රා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “සංරක්‍ෂණය සඳහා පරිසර පද්ධති කළමනාකරණය” යන තේමාව යටතේ වන ජීවි දෙපාර්ත මේන්තුව මගින් සංවිධානය කළ ජාත්‍යන්තර සම්මන්‍ත්‍රණයේදී , වන සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය, රටක් ලෙස අපට මතක් කරදෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.

වනජීවී ආරක්‍ෂාව, සංරක්ෂණය සහ කළමනාකරණය යන කර්තව්‍යය භාර ගෙන ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය ආදර්ශයක් සපයා ඇති බවත්, විද්‍යාත්මක පර්යේෂණ, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ නව්‍ය විසඳුම් පෝෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ කැපවීම දැකීමට ලැබීම සතුටට කරුණක් බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසීය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ වෝටර්ස් එජ් හෝටලයේ ඉකුත් දා වන ජීවී දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ වනජීවී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...