පැපුවා නිව්ගිනියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට පරාජය

Date:

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන්ස් කුසලාන සය සාමාජික නෙට්බොල් තරගාවලියේ ශ්‍රී ලංකාව ඊයෙ තෙවන පරාජයට මුහුණ දුන්නා.ඒ පැපුවා නිව්ගිනියා කණ්ඩායම හමුවේ ලකුණු 67 – 51 ලෙසයි.එහිදී මුල් කාර්තුව ලකුණු 13 – 11 ක් ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණත් ඉන් අනතුරුව ක්‍රමයෙන් තරගය සිය පාලනයට ගන්නට පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමත් වුණා.

මිට පෙර ද අප සඳහන් කළ පරිදි සමීප හුවමාරු සමඟ වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කර ගැනීම පසෙකලා තරගයේ ප්‍රතිවාදීන්ගේ රිද්මය වෙනස් කිරිමට හැකිනම් යම් වාසිදායක තත්ත්වයක් අත් කර ගැනීමට හැකියාව තිබෙන බව පළමු වටයේදී පැහැදිළි වුණා.නමුත් දෙවන කාර්තුවේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම සිය රිද්මයට ශ්‍රී ලංකාව අවනත කර ගනිමින් ලකුණු 18 – 14 ක් ලෙස ඉදිරියට ඇදෙමින් තරගයේ දෙවන කාර්තුව නිමාවන විට ලකුණු 29 – 27 ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වුණා.

තෙවන කාර්තුවේදී මෑත කාලයේ වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමේ අනන්‍යතාවයක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකු සූරතාවයේදී පවා විශිෂ්ඨ කණ්ඩායම් හමුවේ ඒ බව ප්‍රදර්ශනය කළත් ඊයේ ඒ තත්ත්වය ශ්‍රී ලංකාවට අහිමි කරන්නට පැපුවා නිව් ගිනියා ක්‍රිඩිකාවන්ට හැකි වුණා.එම වටය ඔවුන් ජය ගත්තේ 16 – 09 ක් ලෙසයි.අවසාන වටයේදී වඩාත් වේගයක් තරගයට මුසු කරන්නට පැපුබවා නිව්ගිනියා කණ්ඩායම සමත් වුණා.ඒ අනුව එම වටයේ ලකුණු තත්ත්වය ලකුණු 22 – 15 ක් ලෙස සටහන් වුණා.

අද ශ්‍රී ලංකානට හමුවන්නේ සත්කාරක සිංගප්පූරු කණ්ඩායමයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...