ඇෆ්ගන් සරණාගතයින්ට බලාපොරොත්තුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානයෙන් පලා ගිය දහස් ගණනක් ජනතාව එක්සත් රාජධානියේ නැවත පදිංචි වීමට බලාපොරොත්තුවෙන් පාකිස්ථානයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව, එක්සත් රාජධානියේ වීසා ලබා දෙන බවට පොරොන්දු වී ඇති පාකිස්ථානයේ වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් නැවත පදිංචි කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය කුලී පදනම මත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වන බව සඳහන් වේ.

ඇතැම් ඇෆ්ගන් වැසියන් වසරකට වැඩි කාලයක් බලා සිටින අතර මේ මස මුලදී පාකිස්ථානය පැවසුවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම නොවැම්බර් 1 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

නමුත් බොහෝ සරණාගතයින්ගේ වීසා බලපත්‍ර දැන් කල් ඉකුත් වී තිබෙන බව වාර්තා වන අතර, එක්සත් රාජධානියේ නැවත ස්ථානගත කිරීමේ යෝජනා ක්‍රමවල සිටින පිරිමින් 3,250 ක් පමණ කාන්තාවන් සහ ළමයින් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අමුත්තන්ගේ නිවාස සහ හෝටල්වල ජීවත් වන බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

පාකිස්ථානයේ සිටියදී ඔවුන්ට රැකියාවට යාමට නීත්‍යානුකූල ප්‍රවේශයක් නොමැති අතර ඔවුන්ගේ දරුවන්ට පාසල් යාමට අවසර නොමැති බවද විදෙස් මාධ්‍ය වෙත ඇෆ්ගන් වසියන් පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...