ගාසා තීරයේ ගොඩ්බිම් මෙහෙයුම් පුළුල් වේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පලස්තීන සෞඛ්‍ය අංශ වලට අනුව ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මියගිය සංඛ්‍යාව 7000 ඉක්මවීමත් සමග ඊශ්‍රායල පවසා තිබුණේ , තම ගොඩබිම් හමුදාව ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් දියත් කරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බවයි.

ඊශ්‍රායල යුද ගුවන් යානා දැඩි ප්‍රහාර එල්ල කරමින් උතුරු ගාසා තීරයේ දැවැන්ත පිපිරීම් ඇතිව ඇති බවත්, ඊශ්‍රායල හමුදා සහ යුද ටැංකි ඇතුළු වී ඇති බවත් හමාස් සටන්කාමීන් ප්‍රකාශ කර තිබේ.

මේ වන විට ඊශ්‍රායලය පලස්තීනයේ අන්තර්ජාලය සහ සන්නිවේදන ජාල බිඳ දමා ඇති අතර, එහි මිලියන 2.3 ක ජනතාව එකිනෙකා හා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පැවැත්වීම බොහෝ නවතා දමා ඇත.

ඇසෝසියට් ප්‍රෙස් වාර්තා කරන්නේ සති කිහිපයකට පෙර ඊශ්‍රායලය විදුලිය විසන්ධි කිරීමෙන් පසු දැනටමත් අඳුරේ ගිලී සිටින පලස්තීනුවන් හුදකලා බවට පත් කරන ලද අතර, ආහාර හා ජල සැපයුම් අවසන් වීමෙන් ඔවුන් නිවාස හා නවාතැන් වල ම රැඳී සිටින බවයි.

මේ වන විට ජෝර්දානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රාන්ත 120 ක් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින අතර ඊශ්‍රායලය පවසන්නේ හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නම් සාම සාකච්ඡා පිළිබඳ සලකා බැලිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...