ජනාධිපති ජෝ බයිඩන් හා ෂී ජින්පින් ලබන මාසයේ හමුවේ

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ විදේශ අමාත්‍යාංශ වැන්ග් යීගේ එක්සත් ජනපද නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස එළැඹෙන මස ලෝක සහ ව්‍යාපාරික නායකයින් එක්වන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනාධිපති ෂී ජිනපින් හමුවීමට නියමිත බව වර්තා වේ.

ධවල මන්දිරය මෙම හමුවීම තහවුරු කර නොමැතිමුත්, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලයිවන් අතර සාකච්ඡා වලින් කියැවුණේ, දෙපාර්ශවය රැස්වීමක් සඳහා එකට වැඩ කරන බවයි.

ජනාධිපති ජෝ බයිඩන් හා චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවේදී ඔවුන්, ඊශ්‍රායල-හමාස් යුද්ධය, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ ලබන වසරේ මුල තායිවානයේ ජනාධිපතිවරණය ඇතුළු භූ දේශපාලනික වශයෙන් සාකච්ඡා කර තිබූ අතර චීන රාජ්‍ය මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය යන මූලධර්ම තුන හරහා එක්සත් ජනපදය සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට සහ ස්ථාවර කිරීමට චීනය කැපවී සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...