සිංගප්පූරුවේ පැවති කණ්ඩායම් හයක් සහභාගි වූ ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හයවැන්නා වෙන්නට සිඳු විය.සූරතාවය සත්කාරක සිංගප්පූරුව සතු විය.
අවසාන තරගයට පළමු වටයේදි සිංගප්පුරුවට එරෙහිව ජයගත් පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟ සිංගප්පුරුව සහභාගි විය.එහිදී දෙවන වරටත් තමන්ව පරාජය කරන්නට ඉඩ නොඳුන් සිංගප්පුරුව පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලකුණු 59 – 56 ක් ලෙස ජයක් අත් කර ගත්තේය.
මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පරාජය කරන්නට ලැබුණ එකම කණ්ඩායම වූ කුක් දිවයින සෙසු තරගවලදී දස්කම් පාමින් තෙවන තැනට පත් වූයේ කැනඩාව පරාජය කරමින්ය.ලෝක ශ්‍රේණිගත කිරිම්වල ස්ථානයකට ඒම සඳහා මේ වන විට ප්‍රමාණවත් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර හෝ නොමැතිව සිටි කැනඩාව ඊ ළඟ ශ්‍රේණිගත කිරීම්වලදී ඒ සඳහා ස්ථානයක් ලබා ගන්නට අවස්ථාව සළසා ගත්තා.
මෙහි නරකම ප්‍රතිපලය අත් කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.ඔවුන් හයවන සහ පස්වන තැන තීරණය කරන්නට සිංගප්පුරු ඒ කණ්ඩායමට එරෙහිව පැවති තරගය පරාජය වුණේ මේ තරගාවලිය තුළ දෙවන වරටත් සිංගප්පූරු ඒ කණ්ඩායමට පරාජය වෙමින්.ආසියානු සූරියන් හැටියට ආසියාවේම ජාතික කණ්ඩායම නොවන දෙවන පෙළ කණ්ඩායමකට දෙවරක් පරාජය වීමේ අපකීර්තිය වසා ගන්නට දැන් කිව හැකිව ඇත්තේ අලුත් ක්‍රීඩිකාවන් කිහිප දෙනාගේ අත්දැකීම් මදකම පමණයි.නමුත් තරග සජීවීව විකාශය වූ බැවින් ඒ අවස්ථාවන්වලදී දකිනනට ලැබුණෙ දිගින් දිගටම එකම සැළසුමකට රටාවකට කණ්ඩායම පරාජය වන අයුරුයි.
කණ්ඩායම මෙන්ම පුහුණුකාරිය ද අලුත්වීම මෙම පරාජයට හේතුවක් හැටියට නොසළකන්නේ නෙට්බෝල් විධායක සභාවේ නෝනලා එකඟවන කිසිවක් කිසිවෙකුගේ පෙන්වා දීමකට වෙනස් නොකර ආඩම්බරයෙන් සිටිය යුතු බවට දක්වන පුහු ආඩම්බරකාරීත්වය නිසයි.නමුත් අවසානයේ ඒ ආඩම්බරයේ හිස්කමට රටේ හැම පුරවැසියෙක්ටම දැනෙන රට පරාජය වීමේ ලැජ්ජාව සහ දුක ඒ නෝනලාට ගලවාගන්න බැහැ.පුරවැසියන්ට එවැනි ලැජ්ජාවන් දැණුනද තමන්ට ඕනි දේ කිරීම ගැන ආඩම්බරයක් දැනෙන හරි පුරවැසි හැඟීමක්වත් නැති නෝනලා මේ සම්බන්ධයෙන් සතුටෙන් සිටිනවා නිසැකයි.

සංස්කෘතික වශයෙන් ලංකාවේ කාන්තාවට සීමා පනවා ඔවුන් සිටිය යුතු සම්ප්‍රදායික තැන් වල සිට ක්‍රීඩාව කළ යුතුය යන තැන සිටින අයටනම් ක්‍රීඩාවේ ජයග්‍රහණවලට වඩා හැදිච්ච කෙල්ලෙක් කියන එක රටක් වටිනවා ඇති.නමුත් රටට අවශ්‍යය ජයග්‍රහණයි සිතන විට යම් වරදක් සිඳුව ඇති බව පැහැදිළියි.ජ්‍යෙෂ්ඨ පුහුණුකාරියක් යටතට මේ කන්ඩායම පත් කර ඇයට සහය වන ලෙස කියා සහ ඇයව අධ්‍යයනය කරන ලෙස මේ වගකීම පැට වූ පුහුණුකාරියට උපදෙස් දී පිටත් කරේනම් අඩුම තරමේ ආසියානු තරගාවලිය වන විට මේ පුහුණුකාරිය යටතේ හොඳ කණ්ඩායමක් සකසා ගත හැකියි.නමුත් දැනය ඉතිරිව ඇත්තේ ඇයට ජාතික පුහුණුකාරිය ලෙස කටයුත් කළ බවට එක් වූ සුදුසුකමක් පමණයි.
එසේම මේ පසුබෑම ඉදිරියේ වෙනත් නෝනලාගේ උවමනාවන් සහිත ඇත්තම පුහුණුකාර තනතුර දිය යුතු තැනත්තියන්ට ඒ සඳහා පාර විවරවීම ද මේ හරහා සකසා ගත්තා.නෙට්බෝල් දේශපාලනයේ පුද්ගල අරමුණු වෙනුවෙන් සිදු වූ දැවන්ත පසුබෑමක ලක්ෂණය සමඟ තරගාවලිය ආරම්භ වන විට සිටි විසිවන ස්ථානය ද එළැඹෙන ශ්‍රේණිගත කිරිමේදී ශ්‍රී ලංකාවට අහිමි වෙනු ඇති.මේ ගැන කිය හැකි සරලම කාරණය කණ්ඩායමක් හැටියට අපේ කණ්ඩායම සියලුම වගකීම් බෙදා ගත්තා.රට පරාජය වුණාට කරන්න දෙයක් නැහැ ඇත්ත කතාවය.ඒත් අලුත් කණ්ඩායමක් අලුත් පුහුණුකාරියක් ලෙස හෘදය සාක්ෂියෙන් පිට භෞතික කතාවක් ගොඩ නැඟෙනු ඇත.
අපි එකම පුහුණුකාරිය සහ එකම කණ්ඩායම දිගටම නොපවකින බව සියල්ල හැමදාම නොපවතී යන සත්‍යය පදනම් කරගෙනම දන්නෙමු.ක්‍රීඩිකාවන් ඉවත්ව යන විට ඒ අඩුව පුරවන්නට දක්ෂයන් නැතුව පරදීනම් එහි වගකීම ගත යුත්තේ කවුරුද?එයට පිළිතුරු ඇසීම ක්‍රිඩා අමාත්‍යංශයෙන් සිඳු වේ යැයි කිව නොහැකිය.මන්ද අමාත්‍යංශයේම බහුතරයක් අද නෙට්බෝල් හඳුන්වන්නේ මේ පොළවේ තිබෙන “ලකීම ස්පෝරට්” එක හැටියටය.ඒ වාසනාව නිසාම ක්‍රීඩාව ගැන සපිරි දැණුමකින් කතා කරන ක්‍රිඩා අමාත්‍යවරයාට පුහුණුකාරිය ඉවත් කිරීමද අදාළ වූයේ නැත.ඇය සමුගත්තේ නැත ඉවත් කළාය.තව ඉවසන්න මේ මොහොත රටේ නෙට්බෝල් ක්‍රීඩාවේ ඉදිරි තරගාවලි සඳහා ශ්‍රේණිගත කිරීම් ආදිය සියල්ලට වැදගත් වනු ඇති බව අපි පෙන්වා දුන්නෙමු.එවිට මේ පාලනය ගැනම දැඩිව විවේචනය කළ හිටපු සභාපතිවරයකට විධායක සභාවට ලිපියක් ලියමින් අපි තරම් කවුරුත් නැහැ වැනි පුහු ආඩම්බර කතාවක් කිවාය.
ඒ කතාව හරිය.දැන් ඒත් රට තරම් කවුරුත් නැහැ කියන්නට හැකි අය මේ පුටුවලට එන්නේ නැති නිසා රටේ ක්‍රීඩාව වෙනුවට අපිට ඒ නෝනලා කැමති ක්‍රීඩා බලන්නට සිඳු වී ඇත.
සිංගප්පූරු ඒ කණ්ඩායමට පරාය වූ අවසන් තරගයේදී සමස්ත ලකුණු තත්ත්වය දැක් වුණේ 55 – 48 ක් ලෙසය.පෙණුමට පරතරය ලකුණු හතකි.එහෙත් සිඳුවීමේ බරපතලකම හතේ හත වැදුණු තරමට දරුණුය.
සටහන – නිෂ්මං රණසිංහ
