කපා කපා කෑලි කපා ඇත්තේ කුමන සූත්‍රයේද …?

ලොව ඇති අවිහිංසාවාදීම දහම බුදුදහම යැයි කිවහොත් එය නිවැරදි යැයි මම සිතමි.

එහි මුලික ඉගැන්වීමම ලොව සියලු සත්වයින්ට සතා සීපාවට පවා සිතුවිල්ලෙන්, හැසිරීමෙන් වචනයෙන් පවා මෛත්‍රීය කරන ලෙසයි.. ඝාතනය, හිංසාව සම්බන්දව එහි පලමු දේශනාවම හිංසාවට ඇති බිය සම්බන්දව තමා තමාවම උපමාවට ගන්නා ලෙසයි…

ඉතිහාසයේ දුටුගැමුණුගේ සිට නූතන මහින්ද දක්වාම පාලකයන් විසින් ආගම වාර්ගික යුද්ධය වෙනුවෙන් ද්‍රෂ්ඨිවාදයක් ලෙස බාවිතා කිරීම නිසා උනේ ගැඹුරු දහමක් ස්තූප වලට සීමාවී එහි ගැඹුරු අධ්‍යාත්මික හරය ඛාදනයකට ලක්වීමයි..

සුමණ හාමුදුරුවන්ගේ උමතු සහ ඉතාම නූගත් හැසිරීම විසින් ඉතාම ග්‍රාම්‍ය ලෙස කරමින් සිටින්නේද එයමය..

ඒ කෙසේ වෙතත් මෙවන් වාර්ගික වෛරය අවුළුවන බාෂාව මැඩපැවැත්වීම සඳහාවූ නීති රීති රටේ ඕනෑවටත් වඩා ඇත..එසේම ඒවා ඕන එකටයි, එපාඑකටයි බාවිතාවනුද පෙනේ..නමුත් මේ මොහොතේ ඒ නීති ක්‍රියාත්මක නොවන්නේ දෙමළ ජනයාට එරෙහි වෛරී බාෂාව තාමත් ලංකාවේ අවුලක් නැති නිසාද ? නැත්නම් මෙවන් පුත්ගලයින් එකී නීති රීතිවලට ඉහලින් ඉන්න පුත්ගලයින් වීම නිසාද ?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...