යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර අවබෝධාත්මක හමුවක්!

Date:

අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි වත්මන් ගැටලු සහ එහි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේ දී අවබෝධාත්මක හමුවක් පැවැත්වුණු අතර, එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර යන මහත්වරුන් එක් වූහ. යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ද මෙම සංවාදයට එක් විය.

යුනිසෙෆ්, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සමගි ජන බලවේගය විසින් ක්‍රියාකාරීව දායක වනු ඇති ආකාරය පිළිබඳ විපක්ෂ නායකවරයා විසින් මෙහි දී අදහස් දක්වන ලදී.

අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍රම නංවාලීම සඳහා යුනිසෙෆ් සංවිධානයට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යුනිසෙෆ් සංවිධානයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

මෙම සංවාදය තුළ ශ්‍රී ලාංකික පවුල් විසින් මුහුණ පාන්නා වූ පෝෂණ අභියෝග සහ අපගේ රෝග නිවාරණ සහ රෝග ප්‍රතිකර්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රවල පවත්නා දැවෙන ගැටලු ද දෙපාර්ශ්වයේ අවධානයට ලක්විය.

මෙම විෂයයන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුළ පවත්නා ගැඹුරු දැනුම ඇගයීමට ලක් කළ යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.

එසේම සැමට දීප්තිමත් අනාගතයක් උදෙසා සමගි ජන බලවේගය තුළ පවත්නා නොසැලෙන කැපවීම අවධාරණය කරමින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති කාන්තා හා ළමා අයිතිවාසිකම් කෙරෙහි දක්වා ඇති සුවිශේෂී අවධානයද, විපක්ෂ නායකවරයා විසින් මෙහි දි යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන් හමුවේ පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...