ඇල්බොරාදා – පාන්දර ඇස ගැටුණු යුවතිය

Date:

හඳගමගේ ඇල්බොරාදා මේ දවස් වල ලංකාව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වෙනවා. අපටනම් මෙය නැරඹීමේ අවස්ථාවක් නැහැ. කවදා ලැබෙයිද දන්නෙත් නැහැ. ඕවා තමයි ඉතිං රටින් පිටව සිටීමේ පාඩු.
රටින් පිටව සිටීමේ පාඩු වගේම ලාබත් තිබෙනවා. ඇල්බොරාදා හදලා තියෙන්නෙත් ඒ වගේ “ලාබ” ගැන කතාවක් මත පදනම්වයි.

කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දේශපාලනය තුළ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් දේශපාලනඥයින් මේ වැඩේ නිසා අවසානයේදී තමන්ගේ දේශපාලන ජීවිතයද විනාශ කර ගන්නා අවස්ථා පවා තිබෙනවා. මෙය පරිණාමික මනෝවිද්‍යාව තුළ බොහෝ සේ සාකච්ඡා වී තිබෙන කරුණක්. පරිණාමික මනෝවිද්‍යා න්‍යායකට අනුව, බලය හඹා යාමේ ප්‍රධාන අරමුණ වන්නේම කාන්තා ඇසුර ලැබීමේ අවස්ථා වැඩි කර ගැනීමයි. දේශපාලනය තුළ පිරිමින් වැඩි වශයෙන් දකින්න හැකි වී තිබෙන්නේත් මේ හේතුව නිසා.

දක්ෂිණාංශික දේශපාලනය තුළ මේ විදිහට බලය අපහරණය කිරීමක් සිදු වන අවස්ථා වලදී වාමාංශික දේශපාලනඥයින් විසින් එය මුදල් සමඟ සම්බන්ධ කරමින් විග්‍රහ ඉදිරිපත් කරනවා. දක්ෂිණාංශික දේශපාලනය තුළ මුදල් හා බලය අතර දැකිය හැකි සහසම්බන්ධය නිසා මෙවැන්නක් පෙන්වන්න පහසුයි. එහෙත්, කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනය තුළද හොඳින් නිරීක්ෂණය වන දෙයක්. වාමාංශික දේශපාලනය තුළ ඇතැම් විට මේ තත්ත්වය වඩා වැඩි වෙන්න පුළුවන්.

වාමාංශික දේශපාලනය තුළ බලය හා මුදල් අතර සම්බන්ධය යම් තරමකින් කැඩෙනවා. ඒ වෙනුවට, “මානුෂික සබඳතා” කියන වචනය ආදේශ වෙනවා. ඔය වචනය ගොඩක් වෙලාවට වාමාංශික පිරිමි දේශපාලනඥයින් (සිවිල් බලයක් ගොඩනගා ගන්නා වාමාංශික කලාකරුවන් වැනි අයද ඇතුළුව) විසින් කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම සඳහා යොදා ගන්නා දවටනයක්. දේශපාලනය කිරීමෙන් සල්ලි හොයන්න උත්සාහ නොකරන බොහෝ දේශපාලනයින් විසින් දේශපාලනය කිරීමේ සවිඥානික හෝ අවිඥානික අවසන් අරමුණ වන්නේ කාන්තා ඇසුර ලැබීම සඳහා ඉඩප්‍රස්තා වැඩි කර ගැනීමයි. මෙය තවමත් මිනිසුන්ව පාලනය කරන දඩයම් යුගයේ ජාන වල බලපෑමෙන් සිදුවන දෙයක්.

ස්පාඤ්ඤ බසින් ඇල්බොරාදා කියන එකට තියෙන්නේ උදේ පාන්දර කියන අර්ථය. මම හිතන්නේ චිත්‍රපටයේ නම ඇල්බොරාදා වෙන්නේ පාන්දර ඇස ගැටුණු යුවතිය වැනි අර්ථයකින්. යුවතිය ඇස ගැටෙන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන පාබ්ලෝ නෙරුදාට. හැබැයි නොබෙල් තෑග්ග ලැබෙන්න ගොඩක් කලින් ලංකාවේදී.

නෙරුදා සාහිත්‍යකරුවෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයෙකු හා කොමියුනිස්ට්වාදියෙකුද වෙනවා. ඔහු ලංකාවට එන්නේ චිලී රාජ්‍යයේ කොන්සල් වරයා ලෙසයි. ඇල්බොරාදා හදන්නට හඳගමට වස්තු බීජය වීයැයි මා සිතන සිදුවීම සිදු වන්නේ මේ කාලය තුළයි.

පහත තිබෙන්නේ මේ ගැන කලකට පෙර ලියා පළ කළ ලිපියක්. එම ලිපියෙහි නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි එන (මා විසින් පරිවර්තනය කළ) ඇල්බොරාදා වස්තු බීජයට අදාළ කොටසද තිබෙනවා.

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...