කල්පිටියේදී නීතිවිරෝධී ලෙස ගෙන ආ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කල්පිටිය, කරෙයිතිව් මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමේදී, නීතිවිරෝධී ලෙස ගෙන ආ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී බෑග් 15 ක අසුරන ලද කෘමිනාශක තොගයක් සමග ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරුවන් වයස අවුරුදු 43 ක් හා 46 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට පියවර ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...