විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැනට යෝජනා වී ඇති විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා ඊයේ (30) ඉදිරිපත් කර ඇත.

යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය, තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ විදුලි කර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඉඩ සැලසෙන බව, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහාය ඇතිව පසුගිය මාස 10 පුරා මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...