ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ අයට වැඩ වරදියි. රට පනින්නත් බැහැ.!

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලෝබියුලින් එන්නත් කුප්පි විසි දෙදහස් පන්සියක් මෙරට ගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එම විදෙස් ගමන් තහනම පැනවී ඇති තිදෙනාගෙන් එක් අයෙකු වන්නේ අදාළ ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන දේශීය සමාගමේ හිමිකරු වන අතර අනෙක් දෙදෙනා රාජ්‍ය නිළධාරීන් වේ.

ඉන් එක් අයෙකු වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර ය.

අනෙක් තැනැත්තා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මෙරටට ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රටින් පලා යාමේ සූදානමක් ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු දැක් වූ අතර ඒ අනුව අධිකරණය අදාල පුද්ගලයන් තිදෙනාට එරෙහිව මෙකී විදෙස් ගමන් තහනම පනවා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...