කඳුකරයට අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ලංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙ අනුව වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සැපිරීම සනිටුහන් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකික පුරවැසියන් වන, වතු ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට, ආර්ථික හා වෘත්තිමය අවස්ථා ඇති කිරීමට සහ ස්ථිර පදිංචිය සහිත උසස් ජිවන තත්ත්වයක් ළගා කර දීමට කටයුතු කිරීමට යෝජනා වී ඇත.

ඒ සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමග එක්ව අදාළ වැඩසටහන් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ අධීක්ෂණය සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත...

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව...

2028 ණය ගෙවන්න නම් ආර්ථිකයේ ගැඹුරු පරිවර්තනාත්මක වෙනසක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ...

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...