පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයින් පිටුවහල් කිරීමට සැරසේ

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2021 දී තලෙයිබාන් පාලනය නැවත අත්පත් කර ගැනීමෙන් පසු පාකිස්තානයේ පිළිසරණ පතා පැමිණි මිලියන 1.7ක් වන ඇෆ්ගන් වැසියන් නොවැම්බර් 1 වන විට පිටව යා යුතු බවත් එසේත් නැතිනම් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන බව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සර්ෆ්‍රාස් බුග්ටිනිවේදන කර තිබේ.

පාකිස්තානය මේ වන විට වසර කිහිපය තිස්සේ ආර්ථික අර්බුදයක් සමඟ පොරබදමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ, පිටුවහල් කිරීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් නැවත ඇෆ්ගනිස්ථානයට ගියහොත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම්, කුරිරු සහ වෙනත් අමානුෂික සැලකීම් ඇතුළු මානව හිමිකම් කඩකිරීමේ බරපතල අවදානමකට ලක් වන හෙයින් පිටුවහල් කිරීම නතර කරන ලෙසයි.

දශක ගනනාවක් තිස්සේ පැවති යුද්ධයෙන් පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.3ක් පමණ සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර තවත් 880,000කට එහි රැඳී සිටීමට නීතිමය තත්ත්වය ලැබී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...