නොවැම්බරය රත්වෙන හැඩ – විශ්ව විද්‍යාල ආචාර්යවරුත් අද වැඩ වර්ජනයේ!

Date:

කොළඹ LNW:විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) විසින් අද (02) සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද දින රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා කටයුතු සිදුනොවන අතර වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිවයි මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ.

ඊට රාජ්‍ය විශ්ව විද්‍යාල 17ම එක්ව සිටියි.

රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී ඊයේ පැවැත්වූ සාකච්ඡාවක දීයි මෙම තීරණයට එළඹ තිබේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව අද පසවරු 01.00ට විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට නියමිත අතර පස්වරු 02.00ට ”රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකිමු” මැයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...