ව්‍යාපාර ඩිජිටල්කරණය තුළින් වේගවත් ගමනක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කටයුතු ශක්තිමත් හා වේගවත් කිරීමේ අරමුණින් , එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙලක් සංවිධානය කර තිබිණි.

ඒ ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනයක් සඳහා වේගවත්ව ගමන් කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදයක් වන ඩිජිටල්කරණය සහ නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳ වැඩමුළුවක් 2023 ඔක්තෝබර් 24 සිට 27 දක්වා කොළඹ 03 මැන්ඩරිනා හෝටල් පරිශ්‍රයේදී පවත්වමිණි.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය වූ මෙම වැඩමුලුවට අනුග්‍රහය ලබාදෙනු ලැබුවේ, ශ්‍රී ලංකා කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ තාක්ෂණික පුහුණු සැපයුම්කරුවන් විසිනි.

තවද, මෙම වැඩමුළුව ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියක් වන, යොවුන් ව්‍යවසායකයින් 1000 වැඩසටහන සමඟ සමගාමීව සිදුවීම විශේෂත්වයකි.

පුහුණු දින හතර තුළ ,දේශීය නිෂ්පාදනය සහ අපනයන වෙළෙඳපොළ වෙත අලෙවි කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් සහ E-commerce ක්‍රමවේදයන් අනුගමනය කෙරෙන ආකාරය පිළිබඳ පුළුල් ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත.

පුහුණුකරුවන් ව්සින් ප්‍රධාන භාෂා තුනෙන්ම වැඩසටහනට පහසුකම් සලසා දී තිබීම ඉතාමත් වැදගත් දෙයක් විය.

වැඩමුළුවේදී තමන්ගේම වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය සන්නිවේදන තිළින් ප්‍රායෝගික ලෙස කටයුතු කිරීමටද සහභාගිවන්නන්ට ද අවස්ථාව හිමි විය.

මෙහි සමාරම්භක උත්සවය 2023 ඔක්තෝබර් 24 වැනි දින පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහභාගි වූ අතර, ILO හි අධ්‍යක්ෂ සිම්රන් සිං මහත්මිය, , එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ Ke Liu Clark මහතා , දීපාල් නෙල්සන් මහතා, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, JW S කිත්සිරි මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ ආරාධිතයින් පිරිසක්ද සහභාගී විය.

වැඩමුළුවේ අවසන් දිනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත්වුණේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ, , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ක්ලාක් මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...