සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලංකා සතොස කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහළ දමා ඇත.
ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 948කි.
සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ සිට ක්රියාත්මක අතර , අද සිට සතොස මුං ඇට සහ කඩල මිල ද පහළ දමා තිබේ.
තවද, මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 998කි.
කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??