දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට! පාසල් දින දෙකකට වැසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):න්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම් නරක අතට හැරෙන බැවින්, බලධාරීන් විසින් සියලුම ප්‍රාථමික පාසල් දින දෙකකට වසා දමා ඇති බව වාර්තා වේ.

පළමු වතාවට නගරයේ වාතයේ ගුණාත්මක භාවය දරුණු මට්ටමට පහත වැටී ඇති බවත්, එය ඉදිරි සති දෙක තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යාඥයෝ පවසයි.

තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා දිල්ලි පරිසර අමාත්‍යවරයා විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා වේ.

තවද, දිල්ලි අගනුවර ලෝකයේ වඩාත්ම දූෂිත නගරවලින් එකක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි පරිසර දූෂණ පාලන කමිටුව විසින් කරන ලද අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ, අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානා හි පිදුරු ගිනි තැබීම් සිදුවීම් සංඛ්‍යාව වැඩි වන විට නගරයේ වායු දූෂණය නොවැම්බර් 1 සිට 15 දක්වා ඉහළ යන බවයි.

මේ පිළිබඳව සලකා බැලූ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් නිවේදනය කර තිබෙන්නේ, නගරයේ සියලුම රජයේ සහ පෞද්ගලික ප්‍රාථමික පාසල් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වසා තබන බවයි. පසුගිය මාසයේදී දිල්ලි රජය නගරය තුළ රතිඤ්ඤා නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය සඳහා පුළුල් තහනමක් පනවනු ලැබ ඇති බවයි.

එරට සෞඛ්‍ය වෘත්තිකයන් පෙන්වා දෙන්නේ, දූෂිත වාතය සෑම වසරකම දිල්ලි වැසියන්ට දැඩි සෞඛ්‍ය ගැටලු ඇති කරන බවත් , වාතයේ ගුණාත්මක භාවය හේතුවෙන් ළමුන් සහ වැඩිහිටියන් අතර ඇදුම සහ පෙනහළු ගැටලු වැඩි වන බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...