සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ආරක්ෂා කරන පොලිස් චක්‍රලේඛයට සමස්ත LGBTIQ ප්‍රජාවම ඇතුළු කරයි!

Date:

සංස්කාරක (LGBTIQ)

කොළඹ (LNW): මෙරට ජීවත් වන සංක්‍රාන්ති සමාජභාවී (transgender) අනන්‍යතා ඇති පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සහ එම ප්‍රජාවගේ ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා වූ මාර්ගෝපදේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් 2022 දෙසැම්බර් මස 27 වන දින නිකුත්කළ චක්‍රලේඛයට සමස්ත විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවම ඇතුළත් කිරීමට රජය විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  

මෙම චක්‍රලේඛය නම්කර තිබුණේ ‘සංක්‍රාන්ති ලිංගිකයන් සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ තැනැත්තන් සම්බන්ධව කටයුතු කිරීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු’ (Matters that should be taken into consideration when dealing with transgender persons and persons who underwent gender transition) යනුවෙනි.

ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය සමඟ මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මීට අදාළව අභියාචනාධිකරණ නඩුවක් නැවත විවෘත කරමින්, ඉහත මුල් චක්‍රලේඛය සමරිසි පිරිමි, සමරිසි කාන්තා, ද්වීරිසි පුද්ගලයන්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, අන්තර්ලිංගික පුද්ගලයන්, සහ ප්‍රශ්ණභාවී පුද්ගලයන් (Lesbian, Gay, Bisexual, Transgender, Intersex and Questioning) යන සියලු පාර්ශවයන්ට වලංගුවන පරිදි පාරිභාෂිතය සංශෝධනය කරන මෙන් යෝජනා කර තිබිණි.

ඒ අනුව, 2023 නොවැම්බර් 02 වන දින පොලිස්පතිවරයා වෙනුවෙන් රජය විසින් මෙම පාරිභාෂිතය ඇතුළත් සංශෝධිත චක්‍රලේඛය සතියක් තුළ නිකුත් කිරීමට පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

2023 මාර්තු 15 වන දින, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශය ත්‍රෛභාෂිකව එළිදැක්වූ අතර, මෙම මාර්ගෝපදේශයන් නිකුත් කර තිබෙන්නේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් හා නෙතගැටෙන විට ඔවුන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට පොලීසිය විසින් කටයුතු කිරීම තහවුරු කිරීම සඳහා ය. මාර්ගෝපදේශ 12 කින් සමන්විත එම ලේඛණය, ලිංගික දිශානතිය (sexual orientation) සහ සමාජභාවී අනන්‍යතාවය (gender identity) වෙත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය වලංගුවන අයුරු දැක්වෙන මූලධර්මයන් ලැයිස්තුවකින් සමන්විත වන යෝගියකාර්ටා මූලධර්ම (Yogyakarta Principles) (2007) මත පදනම්ව සම්පාදනය කර තිබේ.

මේ අතර, මුල් චක්‍රලේඛයේ සඳහන් මාර්ගෝපදේශ, දැනට ශ්‍රී ලංකාවේ පවතින වැඩිහිටියන් අතර සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික හැසිරීම් වරදක් සේ සලකන අපරාධ නීතිවලට යටත් වන බව ද සඳහන්.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...