*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට සිදුවන පොලිස් හිංසනය වළකාලමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!

කොළඹ (LNW): සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඇතුළු විවිධ *ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට පොලීසියෙන් සිදුවන වෙනස්කොට සැලකීම් වළක්වාලමින් පොලිස්පති විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම චක්‍රලේඛය හරහා, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හෝ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365A, 365B, 365C වගන්ති යටතේ හෝ පාදඩ අඥා පනත යටතේ පොලිස් අත්අඩංගුවට පත් වීම, ඔවුනට වාචික හෝ ශාරීරික හිරිහැරවලට ලක්වීම සිදුවීම, ලිංගික දිශානතිය ‘ඔප්පු කරන’ මැයෙන් බලහත්කාරයෙන් ගුදමාර්ග හෝ යෝනි මාර්ග පරීක්ෂණවලට ලක්කිරීම, හෝ පොලිස් භාරයේදී හිංසනයට ලක්කිරීම ආදී ක්‍රියාවන් වළක්වාලමින් සහ එවන් ක්‍රියා සිදුකරන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණ පැවැත්වීම ඔස්සේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වන වගන්තියේ 2 වන කොටස යටතේ සමානාත්මතාවයට ඇති අයිතිය උල්ලංඝනය කිරීමේ වරදට යටත් කිරීම යනා දී කරුණු පෙන්වා දී තිබේ.

මෙවන් චක්‍රලේඛයක් ශ්‍රී ලංකාවේ නිකුත් කරන පළමු අවස්ථාව මෙය වන අතර, මීට ඉහත හටගත් සිදුවීම් දාමයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්. මෙම චක්‍රලේඛය තුළ සමරිසි, ද්වීරිසි ඇතුළු ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන පොලිස් හිංසනයන් පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැති මුත්, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සෘජුවම ආමන්ත්‍රණය කොට තිබේ.

මීට වසර දෙකකට ඉහත නුවර ප්‍රදේශයේ පොලිස් ශ්‍රවණාගාරයක් තුළ තමා මනෝවිද්‍යා උපදේශිකාවක් යැයි හඳුන්වා ගන්නා අමා දිසානායක නම් තැනැත්තිය විසින් සමරිසි පුද්ගලයන් ළමා කාමාතුරයන්ට සම කරමින් සමරිසි ප්‍රජාව ට ප්‍රසිද්ධියේ අපහාස සිදුකරමින් පැවැත්වූ සම්මන්ත්‍රණය මත පදනම් ව අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකළ අතර, එම පෙත්සම ඔස්සේ ආයතනීකරණය වූ සමලිංගිකභීතිකාව නවතා දැමීමට සහ පොලීසිය වැනි රජයේ ආයතනවල මෙවන් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම්කරන මෙන් ඉල්ලා තිබිණි. මෙම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් අවසර ලබා දුන් අතර, මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් අමා දිසානායක අසාධුලේඛන ගත කිරීමට පොලීසිය කටයුතු කළ බවට පසුව වාර්තා පළ වී තිබිණි.

තව ද ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සමරිසි ප්‍රජාවට ශ්‍රී ලංකා පොලීසියෙන් සිදුව ඇති කෙණහිලිකම්වලට සමාව අයැදීමක් ද සිදුකළ අතර, සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර පැවැත්වූ සාකච්ඡා වටයන්වල, ඔවුන්ගේ අවශ්‍යතා හා ගැටළු ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් පත්කළ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ මැදිහත් වීමේ සහ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අධිවාචන ක්‍රියාදාමයන් ඔස්සේ පොලිස් හිංසනය පිළිබඳ කළ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ඈගේ නියෝජනයේ සහභාගීත්වය තිබීමේ ප්‍රතිඵලයක් ලෙස උක්ත චක්‍රලේඛය නිකුත් කිරීම වේගවත් වී ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු LNW වෙත පැවසූහ.

මේ අතර, ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් එක්සත් ජාතීන් හමුවේ පොරොන්දුවක් ලබා දී ඇති බවට අප මීට ඉහත වාර්තා කළ අතර, මේ පිළිබඳව යාවත්කාලීනයක් මේ වන තුරු ලැබී නැත. ඉකුත් වර්ෂයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් සමරිසි ප්‍රජාවට වෙනස්කොට සැලකීම් කරන දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවට ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පොරොන්දුව ලබා දී ඇති මුත්, එම යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හෝ අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මෙතෙක් ලැබී නැත. රටේ වත්මන් අධිකරණ අමාත්‍යධුරය හොබවන්නේ, 1999 වර්ෂයේ දී සමරිසි කාන්තාවන් ‘අපරාධවලට වරදකරුවන් වූ පුරුෂයන් ලවා ලිංගික අපයෝජනයට ලක්කළ යුතු’ බවට පළ වූ පුවත් ලිපියක් එවකට පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සාධාරණීකරණය කරමින් ‘සමරිසි කාන්තාවන් යනු පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන පිරිසක්’ බවට යෝජනා කළ, 2017 වර්ෂයේ දී යුරෝපා සංගමයේ ජීඑස්පී+ සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කළ යුතු බවට විදේශ අමාත්‍යංශය විසින් යොමුකළ යෝජනාවට එවකට අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ප්‍රතිචාර දක්විමන් සමලිංගිකත්වය යනු ‘මානසික රෝගයක්’ බවට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළ, සහ 2020 මහ මැතිවරණය ආසන්නයේ ‘සමලිංගිකත්වය නීතිගත කිරීමේ පනත’ යැයි පනතක් සම්මත කරන තුරු පැවති ආණ්ඩුවට ‘නින්ද ගියේ නැති’ බව පවසමින් තම දේශපාලනික ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට සමරිසි ප්‍රජාව ඉලක්කකළ පුද්ගලයකු විසින් වීම ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

සංස්කාරක (LGBTIQ)

*මෙම චක්‍රලේඛයේ විවිධ ලිංගික අනන්‍යතා වෙනුවට සඳහන් කර ඇත්තේ ‘විවිධ ලිංගික විපර්යාස’ (gender transition) ඇති යනුවෙනි. විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට අදාළ පාරිභාෂිතය අනුව transition යන්න සඳහා ‘විපර්යාස’ යන පදය යොදාගෙන තිබීම ගැටළු සහගත මුත්, උක්ත චක්‍රලේඛයෙන් අදහස් කර තිබෙන්නේ සංක්‍රාන්තියේ විවිධ අවස්ථාවල සිටින පුද්ගලයන් යන්න විය යුතු ය.

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan