භූමියේ සහ සාගරයේ ආරක්ෂාව ගැන වාර්තාව මාස හයෙන් ඉල්ලයි!

Date:

කොළඹ LNW: මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත් කළ කමිටුවේ පළමු වාර්තාව මාස හයක් ඇතුලත ලබා දෙන ලෙස ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වූ ආරක්ෂක සමලෝචන කමිටු රැස්වීමේ දී බව සඳහන්.

රටේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ වගකීම ද පවරමින් කැබිනට් අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත් කෙරුණි.

විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලකගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම විදේශ ආත්‍යාංශයේ හා මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක ද ඇතුළුව සමාජිකයන් හය දෙනෙකුගෙන් කමිටුව සමන්විත යි.

රටේ ආරක්ෂාව සහ සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සහ බුද්ධි අංශ දියුණු කිරීම ආදී කරුණු ගැන උපාය මාර්ගික සැලැස්මක් 2030 ඉලක්ක කරමින් සැකසීම ද ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව වෙත භාර දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තුවෙන් ගිය ආචාර්ය සූරියප්පෙරුම මුදල් ලේකම් ධූරයට!

කොළඹ LNW:හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල්...

සභා දින්නා වෙන්න පුළුවන් හැබැයි මහජන විශ්වාසය පළුදු වුණා – තිස්ස

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළද...

බන්ධනාගාර අධිකාරීවරුන් අද කොළඹට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අද (23) දින...