*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

‘අපි අරගලය විශ්වාස කළ යුතුයි’ – හේමමාලි අබේරත්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (05) දින පැවති නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ පළමු සමුළුව අමතමින් එහි ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය කියා සිටියේ, දැනට පවතින ආර්ථික ක්‍රමයෙන් ගැටලුවලට කිසිඳු විසඳුමක් නොමැති බවයි.

ලංකාවේ නාගරික, මධ්‍යම පන්තික, ග්‍රාමීය කාන්තාවන් ආදි වශයෙන් සියලු තරාතිරමේ කාන්තාවන් හා දරුවන් මුහුණ දී සිටින ගැටලු සළකා බලන විට තවදුරටත් දරා සිටිය නොහැකි බව ඈ පවසා සිටී. මේ වනවිට දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට පවා නොහකිව කාන්තාව සිත් තැවුලෙන් සිටිනා බවද ඈ කියා සිටියාය.

හේමමාලී මහත්මිය වැඩිදුරටත් පැවසූවේ,

නොනිමි අරගලයට‍ ක්‍රම වෙනසකට කාන්තා බලයක්යන තේමාවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ (Free Women!) පළමු සමුළුව පැවැත්වෙන මේ වෙලාවේ ලෝකෙ පුරා කාන්තාව ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුය. අප දන්නවා පලස්තීනය ඇතුළුව යුද ගැටුම් වලට ගොදුරු වී සිටින ජනතාව අතරින් කාන්තාව හා ළමුන් මුහුනදෙන ඛේදවාචකය ඉතා බිහිසුණුයි. මාස 20ක් තුළ යුක්රේන යුද්ධයෙන් දරුවන් 600ක් මිය ගියා. නමුත් සති 4කට අඩු කාලයකදී පලස්තීන දරුවන් පන්දහසකට ආසන්න පිරිසක් කාන්තාවන් 2000 කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වුණා. ඔබට අපට මෙය අනුමතකළ. හැකිද? අනුමත කරන්න බෑ. අපට හිතන්න වෙන්නෙ මේ තත්වය අනුමත කරනවද නැත්නම් ඊට විරුද්ධව සටන් කරනවද ? කාන්තාවන් ලෙස ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාම විඳින්නෙ එක හා සමාන පීඩාවක්. අපට ඇති අරගලය මේ තත්වය විඳදරා ගෙන ඉන්නවද? නැතිනම් වෙනස් කරනවද කියන එක.

ලංකාවෙ නාගරික, මධ්‍යම පන්තික, ග්‍රාමීය කාන්තාවන් ආදි වශයෙන් සියලු තරාතිරමෙ කාන්තාවන් හා දරුවන් මුහුණ දීසිටින ගැටලු සළකා බලන විට අපට මේක තවදුරටත් දරා සිටිය නොහැකියි. මේ වනවිට දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරන්නෙ කොහෙමද කියලා වැඩිපුරම දුකට පත් වෙන්නෙ කාන්තාව. දරුවට පෝෂණීය ආහාරයක් දෙන්න නොහැකිවීම නිසා වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නෙ කාන්තාවන්. එහෙම අවස්ථාවක මේ පළමු සමුළුව පවත්වන්නෙ. අපි දන්නවා මේ පවතින සමාජ ආර්ථික ක්‍රමයෙන් මේ ගැටලුවලට විසඳුමක් නොලැබෙන බව.

ලෝකයේ පළවෙනි ධනේශ්වර විප්ලවයෙදි 1789 ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සෙ කාන්තාවන්. ඒ විප්ලවයේ මූළික සටන් පාඨ වුණේ නිදහස සහෝදරත්වය සහ සමානත්මතාවය. ඒ වුණාට අදටත් මේ සමාජ ආර්ථික ක්‍රමය යටතේ ඒ ඉල්ලීම් ලබා දෙන්න ධනපති ක්‍රමය අසමත් වෙලා තිබෙනවා. ප්‍රංශ විප්ලවයෙදි කාන්තාවන් අරගලකාරී ලෙස ගෘහයෙන් එළියට කැඳෙව්වට කාන්තාවන්ට නිදහස සමානාත්මතාව සහෝදත්වය දෙන්න බැරි වුණා. මේ නිසාම ඒ තත්වය වෙනස් කරන්න අප විසින් ඉටු කළ යුතු පෙරමුණු කාර්යභාරයක් තිබෙනවා. මේ ධනපති සමාජය තුළත් පුරුෂ මූලිකත්වය එරෙහි අරගලයක් තිබුණා. ආර්ථික පීඩාවට එරෙහි අරගල පැන නැගුණා. මේ සමාජ ක්‍රමයෙ ඉල්ලීම් දිනා ගන්න නොහැකි වුවත්, කාන්තාවන් ඇතුළු පීඩිත ජනයා අයිතිවාසිකම් දිනා ගත්තෙ සමාජවාදය තුළ බව අපි දන්නවා.

රුසියානු සමාජ විප්ලවයට මුල පුරන්නත් පෙරට ආවෙ කාන්තාවන්. තමන්ට ජයග්‍රහණ අත්පත් කරගන්න හැකි වෙන්නෙ සමාජවාදය තුළ පමණයි කියලා පීඩිත ස්ත්‍රීන්ට වගේම පොදු ජනයාට වටහා ගැනිමට ලැබුණා. ‍ඉදිරියට මේ සමාජය වෙනස් කිරීමෙන් තොරව අපට නිදහසක්, සමානාත්මතාව හෝ සහෝදරත්වයක් හිමි වෙන්නෙ නෑ.

ඒ නිසා දැන් සියලු කාන්තාවන්ට අහිමි කළ නිදහස දිනා ගන්න, නොලුබුණු සමානාත්මතාව හිමි කරගන්න, අප වෙනස් කළ යුතු ධනවාදය. ඒ නිසා පීඩාවට පත්වන ලෝකය පුරාමකාන්තාවන් ලෙස අප පෙරමුන ගන්න ඕන ධනවාදයට එරෙහිව. මේ කාන්තා ව්‍යාපාරය තුළ තීරණාත්මක මොහොතකට එළඹ සිටින අපි, මේ පළඹුවැනි සමුළුවෙදි ‘නොනිමි අරගලයට‍ ක්‍රම වෙනසකට කාන්තා බලයක්’ ගොඩනගන්න ඕන බව අවධාරනය කරනවා.

අවුරුදු 12ක ගමනක් ඇතුළෙ නිදහස උසො කාන්තා ව්‍යාපාරය ලෙස අපි සන්ධිස්ථානයක් සලකුණු කරගෙන තිබෙනවා. මේ කාන්තා අරගලය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව අපට අන් කවරදාටත් වැඩි තිබෙනවා. සංවිධානාත්මක බලයක් නැතිව අප කිසිවකුට කිසිවක් කළ නොහැකි බව අපි දන්නවා. තනියම ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකියි. ඉතින් ඒ වෙනුවෙන් සංවිධාන ගොඩ නැගිය යුතුයි.

නොනිමි අරගලයට ක්‍රම වෙනසට කාන්තා බලයක් අප මෙම සුමළුවෙදි පෙන්වා තිබෙනවා. “අපි අරගලය විශ්වාස කළ යුතුයි “ ඇය කියා සිටියාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan