*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

ක්‍රිඩාව, ලංකාව සහ දකුණු අප්‍රිකාව

මේ දිනවල දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාලෝලීන් සිටින්නේ ඔල්වරසන් දෙමින් මහා පාරේය.ඒ ඔවුන්ගේ ජාතික රගර් කණ්ඩායම ලෝක සූරතාවය ගෙන පැමිණ ජනතාවට එය ප්‍රදර්ශනය කරමින් සංචාරය කරන නිසාය.කිසිවෙකුත් ඒ ඉන්දියාව හමුවේ ලකුණු 83 ට දකුණු අප්‍රිකාව දැවී යාම නිසා රටපුරා ඇති වී තිබෙන උද්ඝෝෂණයක් ලෙස ගත යුතුව නැත.

ශ්‍රි ලංකාව ලකුණු 55 ට දැවී යාම නිසා ශ්‍රි ලංකාවේ ක්‍රිඩා ඇමති තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ලෝකයට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වැරදි බෙදමින් සිටින තත්ත්වයක සිටින නමුත් දකුණු අප්‍රිකාව ලෝකයට තහනම් දේශයක්ව සිට ඊට බලපෑ කරුණු සහ සිය ප්‍රතිරූපය සම්බන්ධයෙන් ලෝකය ඉදිරියේ යහපත් දේශයක් යන්න ස්ථාවර කර ගත්තේ ක්‍රිඩාවේ අනුහසින්ය.1995 දී දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීම සහ එය ජයග්‍රහණය කිරිමෙන් ඉනික්බිති අද වන විට වැඩිම ලෝක කුසලාන තරගාවලි ගණනාවක් ජයගත් රට හැටියට ඉතිහාසයට එක් වී ඇත.

ශ්‍රී ලංකාවේ රගර්වල තත්ත්වය ඊට වඩා වෙනස්ය.මේ මොහොතේ ශ්‍රී ලංකාවේ රගර් ආසියාවේ සත් සාමාජික රගර් ක්‍රීඩාව තුළ අත් කර ගෙන තිබුණ තත්ත්වයෙන් පහත වැටී ඇත.හේතුව රගර් ක්‍රිඩාව ජාත්‍යන්තර වශයෙන් තහනම් වීමය.හේතුව ලෙස දැක් වුණේ දේශපාලන බලපෑම්ය.
රටේ රගර් ක්‍රීඩාවට එල්ලවුණේ ආසියානු සභාපතිගේ බලපෑමය.ඒ සම්බන්ධයෙන් ක්‍රිඩා ඇමති කළේ ආසියානු සභාපති කියන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සභාපතිව පරීක්ෂණයකට ලක් කිරීම නොවේය.ශ්‍රී ලංකා රගර්වලට එරෙහිව ආසියානු සභාපති ගසන පදයට නටන එකය.ශ්‍රී ලංකාවේ සභාපතිට ඇහුං කං දුන්නේම නැත.අන්තිමට මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ඇමති රගර් තහනම් කළේය.ශ්‍රි ලංකා රගර් අධිකරණයට ගියේය.මේ දෙස බලා සිට ජාත්‍යන්තර රගර් ශ්‍රී ලංකාවේ රගර් දේශපාලන බලපෑම් ලෙස නම් කරමින් තහනම් කළේය.

මෙහි වැදගත්ම දේ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා රගර් සහ ශ්‍රී ලංකා රගර්වලට ක්‍රීඩා ඇමති ලවා අකුල් හෙළු ආසියානු රගර් සභාපතිගේ රට ලැබූ ප්‍රතිපලය ය.2014 සහ 2018 යන ආසියානු ක්‍රීඩා උළෙලවල ශ්‍රී ලංකාව සිටියේ සිව්වන තැන පදක්කමකට අත පොවන මානයේය.එහිදී 2014 දී ආසියානු සභාපතිගේ රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු තරගාවලිය සඳහා සුදුසුකම් හෝ ලබා ගත්තේ නැත.2018 දී ඔවුන් කණ්ඩායම් 12 ක් අතරින් 12 වන තැනය.මෙවර 4 වන තැන සිටි ශ්‍රී ලංකාව ආසියානු ඔලිම්පික් ධජය යටතේ සහභාගි වී 10 වන තැනට වැටිණ.නිසි පුහුණුවකට කාලයක් නැතුව තහනමෙන් මිදී බාධා කිරීම් රැසක් මැද සහභාගි වී ශ්‍රි ලංකාව එම ප්‍රතිපලය ලබද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය 12 වන තැන සිට පස්වන තැනට පැමිණියේය.මේ මොහොතෙත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමකිවරයා සිටින්නේ ආසියානු සභාපතිවරයා හමුවන්නට ගොසින්ය.ආසියානු සභාපතිවරයා ජාත්‍යන්තර සම්ප්‍රදායන් කඩමින් ශ්‍රී ලංකාවේ රගර් සමාජය පත් කරන ලද පරිපාලනය මඟ හැර ඇමති සමඟ කරන අයුරුය.එහෙත් ඇමති පාර්ලිමේන්තු වරප්‍රසාදවලට වහං වී එහිදි ප්‍රකාශ කරන්නේ රගර් සභාපතිගේ පුරවැසිභාවය අහිමි කළ යුතු බවය.ආසියානු සභාපතිගේ පදයට නටන ඔහු සැබෑ දේශප්‍රේමියාගේ භූමිකාවට අඳින්නේය.

දැන් රගර්වල ඉරණම ම ක්‍රිකට් වෙත ද අත් කර දීමට අමාත්‍යවරයා පිඹුරුපත් සකසමින් සිටින්නේය.රගර්,පාපන්දු සහ ක්‍රිකට් යන ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් මුදල් ප්‍රමාණයක් ගලා එන ක්‍රීඩාවන් තුනම දේශපාලන අතපෙවීම් මත තහනමට ලක් වුවහොත්,ක්‍රීඩා අමාත්‍යවරයා ලංකාවේ සිටි විශිෂ්ඨම ක්‍රිඩා ඇමතිවරයා වනු ඇත.ඇමතිවරයාගේ හැසිරීම පෙළෙන් පෙළ ලියා පැහැදිළි කළ ද,ඇත්ත පිළිගැනීම නොවේය.ඔහු ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් ඇමති තනතුරේ කීර්තිය බාල්දුවන මට්ටමට හිතන මුග්ධ සහ උඩඟු බව මිශ්‍ර හැඟීමෙන් කටයුතු කරන්නෙක්ය.ඒ හැඟීම සඟවාගන්නට ඇති හොඳම ක්‍රමය තමන්ට උපදෙස් දෙන්නට උගත් සහ බුද්ධිමත් වූ මධ්‍යස්ථ පුද්ගලයන් ජාතික ක්‍රිඩා සභාව වැනි තැන්වලට කැඳවා ගැනීමය.ඔහු ඊට ගත්තේ පවතින පරිපාලනයන් සමඟ පෞද්ගලික කෝන්තර ඇති අයය.

ඔවුන් ක්‍රිඩා පණත හරහා ක්‍රීඩාව ආපස්සට කැඳවාගෙන යන්නට සූදානමින් සිටින්නෝය.වඩාත් නිදහස් පසුබිමක් ක්‍රීඩාව කෙරෙහි ඇති කළ යුතු පසුබිමක ලෝකය සමඟ ගමන් කළ යුතුව ඇතත්,ජාතික ක්‍රීඩා සභාව කරන්නේ ක්‍රීඩාවේ ක්‍රීඩා ඇමතිට අත පොවන්නට ඇති ඉඩ පළල් කරන්නට අවශ්‍යය පරිසරය සැකසීමට ආශිර්වාද කිරීමය.ඒ ඔවුන්ට ඔළුව දමා ගැනීමටය.

ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට වත්මන් අමාත්‍යවරයාගේ වැඩිම දායකත්වය දී ඇත්තේ ශබ්දෙන්ය.බොහෝ ක්‍රීඩාවලට ගුවන් ටිකට් පතකටවත් මුදල් වෙන් කරන්නට නොහැකි මට්ටමක සිටින ක්‍රීඩා අමාත්‍යංශයක සිට ඔහු කරන්නේ ක්‍රිඩා සංගම්වල තීරණ ගැන විවේචනය කිරීමය.ඒවාට බලපම් කිරීමය.අනුන්ගේ සල්ලිවලින් කාලා ඇදලා ඉන්න හැටි කියන වැඩේ කරන අතරේ තමන්ගේ අමාත්‍යංශයේ සුබ සාධනයටත් සල්ලි තියෙන තැන්වලින් මුදල් ඉල්ලා දෙන එකය.ඒවා හරියට චණ්ඩි කප්පම් ගන්න තාලේ වැඩය.

මේ ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ දකුණු අප්‍රිකා රග්බි නායක සියා කොලිසි සහ එරට ක්‍රිඩා අමාත්‍ය ෂීෂී කොඩ්වා සහ රගර් පරිපාලනයේ සභාපති මාර්ක් ඇලෙක්සැන්ඩර් ය.දෙවන ඡායාරූපයේ සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියිවේ පස්වන තැනට ගෙනා ආසියානු රගර් සම්මේලනයේ සභාපතිවරයා සහ ඔහුගේ තීරණවලට අනුව කටයුතු කරමින් ශ්‍රීලංකා රගර් වෙත ජත්‍යන්තර තහනමක් ගෙනා සහ සිවිවන තැන සිටි ශ්‍රි ලංකාවේ රගර් 10 වන ස්ථානය දක්වා පහළට ගෙන ඒමට දායක වූ ශ්‍රි ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාය.සමහර විට මේ හමුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු ක්‍රීඩා උළෙලේ අන්තිම තැන සිට පස්වන තැනට ඒම ගැන ද මේ දෙදෙනා බොහෝ සතුටින් කතා කරන්නට ඇත.

පහතින් දැක්වෙන්නේ ඉන්දියාවට දකුණු අප්‍රිකාව පරාජය වූ තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පිවිසෙන මඟය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/india-vs-south-africa-37th-match-1384428/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan