ජනපතියි,ක්‍රීඩා ඇමතියි කමිටු සූදුවක – විපක්ෂ නායකගෙන් චෝදනා! (VIDEO)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා හොරකම් තුළ යම් කිසි වෙනසක් ඇති කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කර ඇති බවත් මෙසේ කමිටු පත් කරනවා සේම පාසල්, නගරය, සංගම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිමට එතුමාට ඇති වැඩපිළිවෙළ මේ සතිය තුළ පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මෙම අතුරු කමිටුවේ වැඩ අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමම වඩාත් විහිළු සහගත කරුණක් බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

මෙය කමිටු සූදුවක් බවත් තමා විශ්වාස කරන ආකාරයට ක්‍රිකට් පරිපාලනයේ සිටිය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ශූරතා දැක්වූ මෙන්ම දූෂණ වංචා චෝදනා ආදිය නොමැති පුද්ගලයන් බවත් හෙතෙම කියාසිටියේය.

මෙම ගැටලුවේදී ක්‍රීඩා ඇමතිවරයා එක් මතයක් සහ ජනාධිපතිවරයා තවත් මතයක් දැරුවොත් නැවත අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ගැටලුව උත්සන්න වන බව ද ප්‍රේමදාස මහතා පෙන්වාදුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...