වනිඳුට ඉන්දීය තරගාවලියත් අහිමි වෙයි

Date:

තරග 03 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඉන්දියාවට ගොස් සිටී. ඔස්ට්‍රේලියානු තරග සංචාරය අවසන්වීමෙන් පසුව කණ්ඩායම ඉන්දියාවට පැමිණියේය.

කෙසේ නමුත් වනිඳු හසරංග තවමත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියානු තරගාවලිය අතරතුර කොවිඩ් ආසාදනය වූ වනිඳුට එම තරගාවලිය අහිමි විය.

සිය නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ ඔහුගේ ශරීරයේ තවමත් කොවිඩ් 19 වෛරසය ක්‍රියාත්මක බවයි. මේ නිසා ඔහුට සුවය ලබන තෙක් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වන අතර මේ නිසා ඉන්දියානු තරගාවලිය අහිමි වේ.

ශ්‍රී ලංකා සීමිත ඕවර් කණ්ඩායමේ අංක එකේ දඟපන්දු යවන්නා වන වනිඳු අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත. ඔහු වෙනුවට මේ දක්වා වෙනත් ක්‍රීඩකයකෙු පත් කර නොමැත.

ඉන්දියාව සමග 20/20 තරගාවලිය පළමු තරගය හෙට ආරම්භවීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...