ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල

Date:

රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්‍රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

අද පාර්ලිමේන්තුවේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ සමස්ත ලෝකයේම රටවල් අතරින් අඩුම මිලකට තෙල් අලෙවි කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව 22 වැනි ස්ථානයේ පසුවන බවයි. ශ්‍රී ලංකාවට වඩා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන සියලුම රටවල් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් බවද ඔහු පෙන්වා දෙනවා.

රටතුළ තිබෙන ගැටලුව වන්නේ ඉන්ධන හිගයක්, බලශක්ති අර්බුදයක් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් නොවන බවත්, තිබෙන එකම ගැටලුව ඩොලර් අර්බුදය බවත් ගම්මන්පිල මහතා පවසනවා. ඩොලර් අර්බුදය හේතුවෙන් සියලු ගැටලු මතු වී ඇති බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඉන්ධන තොග නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව දැනට පවතින ඩීසල් හා පෙට්‍රල් හිගය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවද ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...