මිලානෝ ගිය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මිලානෝ නගර සභාවේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීතාවයෙන් මිලානෝ හි Parco Sempione හිදී ප්‍රථම වරට ‘Sri Lankan Festival in Milan’ පවත්වන ලදී.

මෙම උත්සවය මිලානෝ නගර මධ්‍යයේ ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය පිළිබිඹු කරමින් පැවැත්විනි.

මෙම උත්සවය සංචාරක ක්‍රියාකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව, ඉතාලි ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකික විදේශිකයන් ඇතුළු විශාල අමුත්තන් සංඛ්‍යාවකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම උත්සවයේ හරය වූයේ සංස්කෘතීන් සම්බන්ධ කිරීම, ඉතාලි ප්‍රජාව අතර රටේ අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීම සහ රට ලෝකයට පිරිනැමිය යුතු දේ සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම ආදියයි.

දෙදින උත්සවයේ විශේෂ අවස්ථා අතර සම්ප්‍රදායික නර්තනයේ සිට සංගීතය දක්වා වූ සංස්කෘතික ප්‍රසංග ඇතුළත් විය. අව්‍යාජ ශ්‍රී ලාංකීය කෑම වර්ග සහිත සූපශාස්ත්‍ර රස, චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශන, සාම්ප්‍රදායික ආයුර්වේද ක්‍රම ලංකා තේ රස බැලීම්, හස්ත කර්මාන්ත, බතික් සහ අත්යන්ත්‍ර ශිල්ප ආදී අංශවල දෑ මෙහි දී දැකබලා ගත හැකි විය.

මීට අමතරව, ඉතාලි භාෂාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ‘Il ponte de Adamo’ (The bridge of Adam) ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළ ඉතාලියානු කතුවරයකු සහ චිත්‍ර ශිල්පියෙකු ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ සොඳුරු අත්දැකීම් ද බෙදාහදා ගැනීමට ද අමතක නොකළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...