ක්‍රීඩා අරමුදලට වොලිබෝලයෙන් ගෙවයි

Date:

ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සඳහා උපහාර උළෙලක් 2023 නොවැම්බර් මස 11 දින ග්‍රැන්ඩ් මොනාර්ජ් ඉම්පීරියල් හෝටලයේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සිදු කරන ලදි.එම අවස්ථාවට ප්‍රදාන ආරාධිතයා ලෙස පැමිණි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ද වොලිබෝල් සංගමයෙන් ඇගයීමක් මෙන්ම ක්‍රිඩා අරමුදලට රුපියල් ලක්ෂ 5 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ලබා දීමද සිදුවිය.

ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්වල ක්‍රිඩා අමාත්‍යංශය මෙවැනි ජයග්‍රහණවලදි ක්‍රිඩාවන්ට තිළිණ ප්‍රදානය කිරීම සම්ප්‍රදායක්ව පැවතියත්,මේ වන විට වර්ථමාන ක්‍රීඩා අමාත්‍යංශයට බොහෝ විට ක්‍රිඩාවට කිසිඳු ආකාරයේ අනුග්‍රහයක් දැක්වීමේ හැකියාවක් නැති අතර ඔවුන් බොහෝ විට සිඳු කරනු ලබන්නේ අවසාන අනුමැතිය ලබා දීම පමණය.සමහර වෙලාවට අමාත්‍යවරයාගේ කටයුතුවලට උපදේශකත්වය දෙන ජාතික ක්‍රිඩා සභාව, අමාත්‍යංශයෙන් කුමන හෝ දායකත්වයක් දිය යුතුය යන අදහසෙන් මෙන් අතින් වියදම් කරගෙන යාම සඳහා ක්‍රීඩා සංගම්වලින් නම් කරන නිලධාරීන් කප්පාදු කරමින් යම් මැදිහත්වීමක ක්‍රිඩා අමාත්‍යංශය සිටින බව පෙන්වන අවස්ථා මතු වෙයි.එවැනි තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යංශයට මේ පිරිනමන ලද ලක්ෂ පහද අමිල වටිනාකමකි.

මෙහිදී ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා සමරු ඵලක සහ එක් එක් ක්‍රීඩකයින්ට සහ නිලධාරීන් සඳහා රු. 100,000/- ක මුදල් ප්‍රදානයක් සිදු කිරීමට වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබිණ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ මහේෂන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ පී.පී. එස් රෝහණ ද සිල්වා,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) ආර්.බී වික්‍රමසිංහ සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක විශේෂ ඇගයීමකට ලක් කිරීමද මෙහිදී සිඳු කෙරිණි.

මෙම උපහාර උලෙල සඳහා ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ මහේෂන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.පී. එස් රෝහණ ද සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) ආර්.බී වික්‍රමසිංහ, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ගාමිණි ජයසිංහ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම් සුසිල් රණසිංහ, ශ්‍රී ලංකා බීච් වොලිබෝල් සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රියන්ත ජයකොඩි සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න ඇතුළු සියලු විධායක කමිටු සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ සමඟ දැක්වෙන්නේ එම උපහාර උළෙලට අදාළ ඡායාරූප කිහිපයකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...