සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබේ.
ඒ, එළඹෙන 02 වැනිදා සිටය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඊට හේතුව වී ඇත්තේ රජය වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් එකඟතාව අනුව ගැටලුවලට විසඳුම් ලබා නොදීමය.
පසුගියදා දින 09ක කාලයක් පැවති එම වැඩවර්ජනය දින 14ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබුවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය දැක්වූ ප්‍රතිචාරයට අනුවය.
ඒ අනුව එම දින 14ක කාලය එළඹෙන 01 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ASK