ක්‍රිකට් ප්‍රශ්නයට ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී දුන් විසඳුම …

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අර්බුදයට ඇති හොඳම විසඳුම වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා විසින් කෙටුම්පත් කර ඇති ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පටහැණිව නොයන ආකාරයට එය සිදුකිරීමට වගබලා ගතයුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“ක්‍රිකට් වැඩපිළිවෙල ගැන අද නම් හොඳට විවාදය යනවා. ඊයෙ නම් ගොඩක් අය අපට දොස් කියනවා පාර්ලිමේන්තුවේ ඒ කරපු කතා කීපයක් ගැන. දැනට තත්වය නම් මම නම් යෝජනා කළේ ඇමතිතුමාට, මේ ඉන්ටෙරිම් කමිටි එක උසාවියෙන් මේක අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා මේ ගැන අපි කැබිනට් එකෙත් සාකච්ඡා කළා. ඒ මතය තිබුණේ. ඇමතිතුමාට වුවමනා නිසා අපි නීතිපතිතුමාට දුන්නා ඉදිරිපත් වෙන්න කියලා. දැන් කොහොමත් නඩු ගිහින් තියෙන්නෙ. මං හිතන්නෙ හොඳම එක තමයි අපට මේ චිත්‍රසිරි වාර්තාව අරගෙන ඒක ක්‍රියාත්මක කරන එක. මොකද මට පෙනෙන හැටියට ඔය ඉන්ටෙරිම් කොමිටි දාලා හරියන්නෙ නෑ. මේ ඔක්කොම පැලැස්තර නෙ. මේ හැමවෙලේම ඉන්ටෙරිම් කොමිටි දැම්මා. ඊට වඩා තියෙන්නෙ මේ සම්පූර්ණ නීතිය වෙනස් කරන්න. ඒකයි කරන්න ඕනෙ.

විශේෂයෙන්ම මට මේ ගැන කියන්න තියෙන්නෙ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා තමයි ක්‍රිකට් එක ආරම්භ කළේ. ගාමිණී දිසානායක ඇතුළු කීපදෙනෙක් හිටියා. මට දුන්නා පාසල් ක්‍රීඩා කරන්න. ඒකෙන් තමයි පළවෙනි කණ්ඩායම ඉදිරියට ඇවිල්ලා 96 අපි දිනුවේ. දැන් ඉතින් ඒ අනුවම අපට තියෙන්නේ ආපහු ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න. ඒකට අදාළ මණ්ඩලයක් දැම්මාම, ඒක ගැන මම නම් එදා ඉඳන් ඉන්නෙ පැති අරගෙන නෙවෙයි. මට පැති නෑ. මට තියෙන්නෙ එකම පැත්තයි, ශ්‍රී ලංකා ක්‍රිකට්. ඒක අපි දියුණු කරන්න ආණ්ඩුව හැටියට ඒ බලධාරීන්ට අපි සම්පූර්ණ සහාය දෙමු. මගේ එකම බය, මට ආරංචියි ICC එක SLC එකට කතා කරලා තිබුණා කියලා ‍ඊයෙද කොහෙද. ඉතින් අපි එතෙන්ට පටහැණිව ක්‍රියා නොකර වැඩ කරමු. එච්චරයි තියෙන්නෙ. ඒත් මේ යෝජනාව හොඳයි, ඒකත් සම්මත කරගන්න අර නීති ඉදිරිපත් කරන එක”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...