අනිත් හැමදේම හොයන වාසුට තමන්ගෙ අමාත්‍යංශෙ දූෂණ වංචා පේන්නෙ නෑ – වෘත්තීය සමිති

Date:

අනවශ්‍ය ලෙස හා හිතුමතේ වාණිජ්‍ය ණය ලබා ගැනීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය පවසනවා. මෙම තත්වය මත ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහා භාණ්ඩාගාරය මත යැපෙන තත්වයට පත්ව ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් උපාලි රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ සිට මෙරට වාණිජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම නිසා බව පෙන්වා දෙන උපාලි රත්නායක මහතා පවසන්නේ නව ව්‍යාපෘතිවලට ණය ලබා ගැනීමට පෙරම එම ව්‍යාපෘති ආරම්භ කිරීමටද ආයතනයේ පාලනාධිකාරිය උත්සාහ දරමින් සිටින බවයි. එම ව්‍යාපෘතිවලට අදාල ණය ලබා ගැනීම, ව්‍යාපෘතිය සිදු කරන කොන්ත්‍රාත්කරුටම පැවරීමටද උත්සාහ දරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසනවා.

විෂය භාර අමාත්‍යවරයා වන වාසුදේව නානායක්කාර මහතා වෙනත් අමාත්‍යංශවල කටයුතු පිළිබඳව මැදිහත් වන නමුත් තමන්ගේ අමාත්‍යංශයේ සිදුවන දූෂණ වංචා පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොකරන බවට ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය චෝදනා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව න්යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...