හඬනු මැන නිදහස : සුනිල් මාධව සමුගනී !!

Date:

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරයා ඊයේ (23) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 77 වැනි වියේ පසුවිය.

ලේක්හවුස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සුනිල් මාධව දිවයින පුවත්පතේ ආරම්භයත් සමග ඊයෙ එක්විය. වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිතව මාධ්‍යකරණයේ නියැළුණු ඔහු තරුණ අරගලකාරීන් වෙනුවෙන් පෙනී සිටියේය. වාමාංශික හෘදසාක්ෂිය වෙනුවෙන්, මානුෂිකත්වය වෙනුවෙන් පෙනී සිටියේය. දිවයිනේ අටවැනි පිටුව එහි සලකුණ විය.

විකල්ප පුවත්පත් සඳහා පුරෝගාමිකයකු වෙමින් ඔහු ලක්මිණ, ලක්දිව, හිරු පුවත්පත් සඳහා සිය දායකත්වය ලබාදුන්නේ එවකට පැවති මරණීය තර්ජන පවා තඹයකට නොතකා හරිමිනි.

ඔහු ලියූ කෘති අතරින් “සත්‍යවාදියෙකුගේ දිනපොත” අතිශයින් ජනප්‍රිය වූ අතර “හඬනු මැන නිදහස” නම් පරිවර්තන කෘතිය ද මහත් ජනාදරයට ලක්විය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති බවයි පවුලේ ඥාතියකු සඳහන් කළේ.

සුබ ගමන් සුනිල් අයියේ …, ඔබ සදාකල් අපේ හදවත් තුළ ජීවමානව හිඳිනු ඇත ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...